ඇමරිකාවේ කුඩා පරිමාණ ව්‍යාපාර විශ්වසනීයත්වය පහළට
2022-06-16 19:37:44
Share with:

ඇමරිකාවේ කුඩා පරිමාණ ව්‍යාපාර විශ්වසනීයත්වය පසුගිය මැයි මස පහත වැටී ඇතැයි ස්වාධීන ව්‍යාපාර පිළිබඳ ජාතික සම්මේලනය පවසයි.

ඉහළ උද්ධමන කනස්සල්ල අඛණ්ඩව පැවතීම හේතුවෙන් ඇමරිකාවේ කුඩා ව්‍යාපාර විශ්වසනීයත්වය පසුගිය මැයි මස පහළ ගොස් ඇතැයි එම සම්මේලනය නිකුත් කළ සමීක්ෂණයේ දැක්වේ. ඉහළ යමින් පවතින පොලී අනුපාත සහ දැඩි මූල්‍ය තත්වයන් යටතේ වුවද ශ්‍රම ඉල්ලුම  තවදුරටත් දැඩිව පවතින බව පෙන්නුම් කරයි.

ස්වාධීන ව්‍යාපාර පිළිබඳ ජාතික සම්මේලනය පැවසුවේ කුඩා ව්‍යාපාර විශ්වසනීයත්ව දර්ශකය පසුගිය මාසයේ 0.1 කින් පහත වැටී  93.1 ක් වී ඇති බවයි. ඉදිරි මාස හය තුළ වඩා යහපත් ව්‍යාපාරික තත්ත්වයන් අපේක්ෂා කෙරෙනු ඇතැයි විශ්වාස කරන ව්‍යාපාර හිමිකරුවන් ගේ ප්‍රමාණය වාර්තාගත ලෙස අවම මට්ටමකට පත්ව තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම