විවිධ රටවල සමාගම් චීනයේ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයට ආයෝජන පුළුල් කිරීම චීනයේ පිළි ගැනීමට
2022-06-16 18:44:23
Share with:

විවිධ රටවල සමාගම් චීනයේ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයට ආයෝජන පුළුල් කිරීම චීනය සාදරයෙන් පිළි ගනී‍.

නවතම මත විමසුමකට අනුව, චීනයේ සිදු කළ නවෝත්පාදන පර්යේෂණ හා සංවර්ධනවලින් ප්‍රතිලාභ ලැබීම හේතුවෙන්, චීනයේ බහුතර යුරෝපා සමාගම් අඛණ්ඩව චීනය ඉහළ විභවයන් සහිත නවෝත්පාදන පර්යේෂණ හා සංවර්ධන පදනමක් ලෙසට සලකයි.

චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශිකා ෂූ යූ ටිං මහත්මිය අද (16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ අදහස් දැක්වූවාය. නවෝත්පාදනය, චීනයේ නව සංවර්ධන චින්තනයේ වැදගත් කොටසක් වන අතර උසස් මට්ටමේ ආර්ථික සංවර්ධනයට වැදගත් ගාමක බලයක් බව ‍ඇය එහිදී පැවසුවාය. චීනය අඛණ්ඩව විවෘත කිරීම,  බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම මෙන්ම වාණිජ්‍ය හා නවෝත්පාදන පරිසර වැඩිදියුණු කිරීම ප්‍රවර්ධනය කරනු ඇති බව ද ඇය පෙන්වා දුන්නාය. යුරෝපා සංගමයේ රටවල් ඇතුළු විවිධ රටවල සමාගම් චීනයේ ව්‍යාපාර ආරම්භ කිරීම මෙන්ම පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයට ආයෝජන පුළුල් කිරීම මගින් පොදු ප්‍රතිලාභ ලබා ගැනීම චීනය සාදරයෙන් පිළි ගන්නා බව ෂූ යූ ටිං මහත්මිය කියා සිටියාය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම