ඉතිහාසයේ නිවැරදි පැත්තේ සිටින්නේ කවුරුන් දැයි ලෝක වාසීන්ට පැහැදිලි බව චීනය කියයි
2022-06-16 20:06:51
Share with:

යුක්‍රේන ප්‍රශ්නයට අදාලව චීනය සැමවිටම සාමකාමී, සාධාරණ පැත්තේ සිටින බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා එසේ ප්‍රකාශ කළේ අද(16) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පළකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

රුසියාව සමග සිටින රටවල්, ඉතිහාසයේ නිවැරදි පැත්තේ  නොසිටි රටවල් වනු ඇතැයි එම ඇමරිකානු ප්‍රකාශකයා පවසා ඇත.

ඇමරිකාව සිය පොරොන්දුව බිඳ, නේටෝ සංවිධානය නැගෙනහිරට ව්‍යාප්තවීම පෙළඹවීමෙහි නියැළී සිටින බැවින්, යුරෝපය යළිත් සටන්වලට ගොදුරු විය. ඒ සමගම සමබර, ඵලදායි හා අඛණ්ඩ යුරෝපීය ආරක්ෂක රාමුවක් ගොඩනගා ගන්නා ලෙස චීනය ආයාචනය කළේය. ඇමරිකාව යුක්‍රේන-රුසියානු ගැටුම උග්‍රකරවීමට තැත් කරද්දී චීනය එම දෙපාර්ශ්වය අතර සාමකාමී සාකච්ඡාවක් ඉටු කිරීම ප්‍රවර්ධනය කිරීමට ප්‍රයත්න දරයි. ඇමරිකාව සෙසු රටවලට අන්ත සම්බාධක පැණවීමට ක්‍රියා කළ විට, ලෝක ආර්ථිකය දේශපාලනීකරණය, මෙවලම්කරණය හා අවිකරණය කිරීමට විරුද්ධ යැයි ප්‍රකාශ කරන චීනය, ඒවාවලින් විවිධ රටවල සිවිල් වැසියන් බරපතල පීඩනයට ලක්වීම, වැළැක්විය යුතු බව ද අවධාරණය කර ඇත. කුමන රටක්, ඉතිහාසයේ නිවැරදි පැත්තේ සිටින්නේ යැයි ද යන්න පිළිබඳව ලෝක වාසීන්ට පැහැදිලි කාරණාවක් බව වං වෙන්බින් මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම