අභ්‍යන්තර පීඩා රැසක් මධ්‍යයේ "හිරු නොබසින අධිරාජ්‍යයක” සැබෑ නොවන සිහින දකින බ්‍රිතාන්‍යය
2022-06-16 20:55:28
Share with:

බ්‍රිතාන්‍ය රජය "උතුරු අයර්ලන්ත ක්‍රියා පටිපාටියේ " ඇතැම් කරුණු අනුගමනය නොකිරීම හේතුවෙන් පසුගිය 15 වැනිදා යුරෝපා කොමිසම කොන්ත්‍රාත්තු කඩ කිරීම සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාවලියක් ආරම්භ කර ඇත. උතුරු අයර්ලන්තය බ්‍රිතාන්‍යයෙන් ඉවත් කිරීමට අනුබල දෙන උතුරු අයර්ලන්තයේ Sinn Fein පක්ෂයේ, උප සභාපතිනි Michelle O’Neil ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය රජයේ ක්‍රියාව උතුරු අයර්ලන්තයේ දේශපාලන අස්ථාවරත්වය උග්‍ර කළ බවයි. එමෙන්ම, බ්‍රිතාන්‍ය රජය එකඟ වුවත් නැතත් ලබන වසරේ දී ස්කොට්ලන්තය බ්‍රිතාන්‍යයෙන් ඉවත් කිරීම සඳහා නව වටයේ ජනමත විමසීමක් පොළඹවනු ඇතැයි ස්කොට්ලන්ත රජයේ පළමු ඇමතිනි Nicola Sturgeon පසුගිය දා ප්‍රකාශ කළාය. මේ වන විට එක්සත් රාජධානියේ කොටසක් කැඩී බිඳී යනු ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ සිද්ධිවලින් බ්‍රිතාන්‍ය රජයේ තත්ත්වය තවත් නරක අතට හැරී ඇත. වසංගත විරෝධී සටන අසාර්ථක වීමේ සිට, අගමැති කාර්යාල කාර්ය මණ්ඩලයේ සේවකයන් වසංගත වැළැක්වීමේ රෙගුලාසි උල්ලංඝණය කිරීමේ අපකීර්ති සිද්ධි හෙළි වී පසුව ඉහළ උද්ධමනය සහ ආර්ථික පසුබෑමේ පීඩනය වැඩි වීම දක්වා බ්‍රිතාන්‍ය රජය මුහුණ දෙන පීඩාවන් වැඩි වී තිබේ. මේ මස මුලදී වත්මන් අගමැති Boris Johnson කොන්සර්වේටිව් පක්ෂය තුළ පැවති විශ්වාසභංග යෝජනාව අසීරුවෙන්  ජය ගත්තද , බ්‍රිතාන්‍ය මාධ්‍ය පැවසුවේ ඔහුගේ කීර්තියට ඉන් බරපතල හානියක් සිදුව ඇති බවයි. 

ස්වදේශීය ගැටළු කෙරේ ජන අවධානය, වෙනත් දිශාවකට යොමු කරවීමට බ්‍රිතාන්‍ය දේශපාලනඥයෝ තැත් කරමින් සිටිති. එමෙන්ම "හිරු නොබසින අධිරාජ්‍යයක්" පිළිබඳ සිහිනයක ද ඔවුහු පැටලී සිටින සේය.  මෑතකදී, බ්‍රිතාන්‍යය ඇමරිකාව පසුපස හඹා ගොස් යුරෝපයේ, ආසියා-ශාන්තිකර කලාපයේ සහ අනෙකුත් කලාපවල ව්‍යාකූලත්වයන්  ඇති කිරීමට උත්සාහ දරමින් සිටී.

එවැනි ක්‍රියා නතර කර, සිය රටේ බරපතල ගැටළු තත්ත්වයන් විසඳා ගැනීමට යොමු වන ලෙස විවිධ පාර්ශව එරටෙන් ඉල්ලීම් කරති. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම