ඇමරිකාව චීනයට දුන් පොරොන්දු ඉටු කරන්නේ කවදා ද?
2022-06-15 10:32:13
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික, මධ්‍යම විදේශ කටයුතු කොමිසමේ කාර්යාලයේ අධ්‍යක්ෂ Yang Jiechi මහතා, ඇමරිකානු ජාතික ආරක්ෂක කටයුතු සඳහා ජනාධිපති සහකාර Jake Sullivan මහතා සමඟ, ලක්සම්බර්ග්හි ආදිපාදවරයා හමුවෙයි. හමුව පසුගිය 13වැනිදා පැවැත්විණ.

මෙහිදී අනාවරණය වූ තොරතුරුවලට අනුව, චීන-ඇමරිකානු සම්බන්ධතා යහපත් කිරීම පිළිබඳ අදහස්, චීන පාර්ශ්වය පැහැදිලිවම ප්‍රකාශ කර ඇත. එසේම ජනාධිපති Joe Biden මහතාගේ ප්‍රකාශ 5ක්  ඇමරිකානු පාර්ශ්වයට ප්‍රායෝගික ක්‍රියාවන් බවට පරිවර්තනය කිරීමට හැකිවනු ඇතැයි, චීනය ඍජු බලාපොරොත්තු පළ කළේය.

ජනාධිපති Joe Biden මහතාගේ මෙම ප්‍රකාශ 5 වන්නේ, "නව සීතල යුද්ධයක්" ඇතිකිරීමට උත්සාහ නොකිරීමයි. චීන ක්‍රමය වෙනස් කිරීමට උත්සාහ නොකිරීමයි. සන්ධාන ශක්තිමත් කරමින් චීනයට විරුද්ධ වීමට උත්සාහ නොකිරීමයි. මීට අමතරව, "තායිවානයේ ස්වාධීනත්වයට" සහාය නොදැක්වීම මෙන්ම චීනය සමඟ ගැටීමට කැමති නොවීමයි.

චීන-ඇමරිකානු සම්බන්ධතා දැනට තීරණාත්මක අවධියක පවතී. තීරණ ගන්නන් යා යුත්තේ කොතැනටද යන්න පමණක් නොව, ප්‍රායෝගික පියවර ගැනීමද අවශ්‍ය වේ. ජනතාව අවධානයෙන් සිටින්නේ, ඇමරිකාව චීනයට දුන් පොරොන්දු ඉටු කරන්නේ කවදා ද යන ප්‍රශ්නය කෙරෙහි ය.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම