චීන ජාතික ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ ප්‍රවණතාවක්
2022-06-15 15:31:36
Share with:

චීන ජාතික ආර්ථිකය මැයි මාසයේදී ප්‍රකෘතිමත් වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කෙරේ.

චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය අද (15) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව හෙළි කළේය.

එම හමුවේදී අනාවරණය වූ පරිදි, සංකීර්ණ ජාත්‍යන්තර පරිසරය සහ දේශීය වසංගතයේ දරුණු බලපෑම හමුවේ, චීනය දේශීය වසංගත තත්ත්වය මනාව පාලනය කර නිෂ්පාදන ඉල්ලුම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වී ඇති අතර ජාතික ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත.

කාර්මික නිෂ්පාදනය, උපකරණ නිෂ්පාදන කර්මාන්තය, වෙළඳපොළ අලෙවිය, ස්ථාවර වත්කම් ආයෝජනය, අධි තාක්ෂණික කර්මාන්ත ආයෝජනය, භාණ්ඩ ආනයන හා අපනයන යනාදී ක්ෂේත්‍ර කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති අතර නාගරික විරැකියා අනුපාතය පහත වැටී ඇත. එසේම පාරිභෝගික මිල ස්ථාවර මට්ටමක පවතී.‍

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම