චීනයට එරෙහි සීතල යුද්ධය සාර්ථකත්වයට පදනමක් නොව ව්‍යසනයක්
2022-06-15 10:36:13
Share with:

ඇමරිකාවේ " Chicago Tribune" වෙබ් අඩවිය පසුගිය දා ලිපියක් පළ කරමින් "වොෂින්ටනයේ බෙයිජිං නුවරට එරෙහි සීතල යුද්ධය, ව්‍යසනයක් " ලෙස පෙන්වා දුන්නා.

එම ලිපියේ සඳහන් වන ආකාරයට, තායිවානයේ ආරක්ෂාව සඳහාවූ " අපැහැදිලි ක්‍රමෝපායීය " උපායමාර්ගය ඇමරිකාව අත්හැර නොමැති බව Biden පරිපාලනය නැවත නැවතත් ප්‍රකාශ කළත්, එරට රාජ්‍ය ලේකම්වරයා පැහැදිලි කර ඇත්තේ, එක්සත් ජනපද නායකත්වය දරන ජාත්‍යන්තර රාමුවට විශාලතම අභියෝගකයා, බෙයිජිං ම වන බවයි. මෙම තත්ත්වය මැඩලීමට චීනය අවට උපායමාර්ගික පරිසරයක් ගොඩනගමින් එහි ජාත්‍යන්තර මෙහෙයුම් සීමා කළ යුතු යැයිද හෙතෙම අවධාරණය කර සිටියා.

සීතල යුද යුගයේ ක්‍රියාත්මක වූ සතුරු උපායමාර්ගය වර්තමාන චීනය සමඟ පවතින සබඳතාව කෙරෙහි ආදේශ කිරීම, Biden පරිපාලනය සිදුකරන වරදක්.  

ඇත්ත වශයෙන්ම, වොෂින්ටනය බෙයිජිං නුවරට එරෙහිව දියත් කර ඇති සීතල යුද්ධය, එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තියට මෙන්ම සමස්ත නැගෙනහිර ආසියානු කලාපයටත් ව්‍යසනයක් බව පැහැදිලි වෙනවා.

සීතල යුද්ධයට අදාළ මුල් වසර 25 තුළ, ආසියාව යනු ඇමරිකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට නම් රුධිරය වැගිරෙන කරදරයක් ලෙස හැඳින්විය හැකියි.

1950හිදී කොරියානු අර්ධද්වීපයේ දී හමුදා මැදිහත්වීමක් ක්‍රියාත්මක කළ ඇමරිකාවට, චීන පාර්ශ්වයේ යුද ප්‍රතිචාරය හමුවේ විශාල වන්දියක් ගෙවීමට සිදුව තිබුණා.

ගිය සියවසේ පනස් ගණන්වලදී, එක්සත් ජනපදය චීනයට එරෙහිව "න්‍යෂ්ටික ආන්තික" උපක්‍රම භාවිතා කළත්, එය චීනය තමන්ගේම න්‍යෂ්ටික නිරෝධකයක් පිහිටුවීමට අධිෂ්ඨාන කර ගැනීම සඳහා පෙළඹවීමක් වුණා.

ඉන්පසු සිදුවූ වියට්නාම යුද්ධය ඊටත් වඩා භයානකයි. ඇමරිකාව එම යුද මෙහෙයුම්වලින් අත්කර ගත් කිසිවක් නැහැ.

දශක ගණනාවක පසුබෑම්වලින් පසු ඇමරිකාවේ හිටපු ඊනියා "සීතල යුද රණශූරයන්" වටහාගෙන ඇත්තේ චීනයට එරෙහි මිලිටරිකරණය දැඩි අසාර්ථක ප්‍රයත්නයක් පමණක් බවයි.

21 වැනි සියවස සඳහා ජාත්‍යන්තර දේශපාලනය තුළ නව හැඩයක් බිහි කළ යුතුමයි. සීතල යුද්ධය සාර්ථකත්වයට පදනමක් නොව, ව්‍යසනයක් පමණක් බව Biden පරිපාලනය අවබෝධ කරගත යුතුමයි. අංගසම්පූර්ණ විදේශ ප්‍රතිපත්ති මෙන්ම සහයෝගිතා ජාත්‍යන්තර දේශපාලනයේ නව හැඩයක් ගොඩනැගීම සඳහා යහපත් මූලාරම්භයක් වනු ඇතැයි සඳහන් කෙරෙනවා.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම