චීනයෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන සහල් තොගයේ පළමු කොටස නැව්ගත කෙරේ
2022-06-15 15:45:12
Share with:

මානුෂීය ආධාර යටතේ චීනයෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන සහල් තොගයේ පළමු කොටස නැව්ගත කළ බව චීනය ප්‍රකාශ කරයි.

චීනය ලබාදෙන යුවාන් මිලියන 500 ක මානුෂීය ආධාර යටතේ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඖෂධ තොගයේ පළමු කොටස ද පසුගියදා හොංකොං සිට ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබිණ.

ඒ අනුව එම සහල් තොගය ඉදිරි දින කිහිපයේ දී ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති අතර එය ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසඳුමක් වනු ඇත.

මේ අතර ජුනි මාසයේ ඉදිරි දින කිහිපය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් 2,400 ක් සැපයීමට රජය පියවර ගෙන තිබෙන අතර ඉන් සහල් මෙට්‍රික් ටොන් 500 ක් සතොස වෙත ලබා දී තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම