ෆින්ලන්තය සහ ස්වීඩනය NATO සංවිධානයට එක්වීම පිළිබඳ තුර්කියේ විරෝධය කෙරෙහි අවධානය යොමු විය යුතු බව NATO සංවිධානය කියයි
2022-06-15 13:54:01
Share with:

ෆින්ලන්තය සහ ස්වීඩනය NATO සංවිධානයට එක්වීම සඳහා අයදුම් කිරීම පිළිබඳව තුර්කිය දක්වන සැලකිල්ල කෙරෙහි අවධානය යොමුකළ යුතු බව NATO සංවිධානය පවසයි.

එම සංවිධානයේ මහලේකම් Jens Stoltenberg මහතා නෙදර්ලන්තය, බෙල්ජියම්, ෆින්ලන්තය, ලැට්වියා, පෘතුගාලය ඇතුළු රටවල රාජ්‍ය නායකයන් සමග ඊයේ(14) නෙදර්ලන්තයේ Hague හිදී පැවැත්වූ හමුවේදී මේ බව සඳහන් කළේ ය.

ෆින්ලන්තය හා ස්වීඩනය NATO සංවිධානයට එක්වීම සඳහා කළ අයදුම් පිළිගන්නා බව පැවසූ ඔහු, තුර්කිය ඒ පිළිබඳ දක්වන සැලකිල්ල කෙරෙහි සෙසු පාර්ශ්ව දැඩි අවධානය යොමු කළ යුතු යැයි ද පැවසීය.

පවතින නීතිවලට අනුව, සමස්ත සාමාජික රටවල එකඟතාව සහිතව NATO සංවිධානයට නව සාමාජික රටක් බඳවා ගත හැකි ය. ෆින්ලන්තය සහ ස්වීඩනය, තුර්කිය විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සැලකෙන ‘Partiya Karkerên Kurdistan’ කණ්ඩායමට අනුබල දෙන බැවින් එම රටවල් දෙක NATO සංවිධානයට එක්වීම පිළිබඳව තුර්කිය විරෝධය පළ කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම