පක්ෂ දෙක මෙහෙයවන නාඩගමෙන් දකින, භයානක ‘ඇමරිකානු සිහිනය’
2022-06-15 21:46:45
Share with:

වසර 2021 ජනවාරි මස 6වනදා, එවක ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුගාමිකයෝ දහස් ගණනක් ඇමරිකාවේ Capitol ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් පිවිස ප්‍රචණ්ඩත්වයෙන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට තැත් කළහ.  පස් දෙනෙකු එම සිද්ධියෙන් මිය ගිය අතර 140කට වැඩි පොලිස් නිලධාරීහු තුවාල ලැබූහ. හත්සියයක් අත්අඩංගුවට ගැනිණ. එම සිද්ධිය ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුරුම මොහොත යැයි ලෝ වැසියන් විසින් සලකනු ලැබීය.

ඩොනල්ඩ් ට්‍රම්ප් එම ප්‍රචණ්ඩත්වයට ඍජුව සම්බන්ධවූයේ ද නැද්ද යන්න පිළිබඳව මෑතකදී ඇමරිකාවේ මහජන කොංග්‍රසයේදී Capitol Hill සිද්ධිය කෙරේ විමසීම් දෙකක් පැවැත්විණ. එහිදී ඉදිරිපත් කෙරුණු සාක්ෂි, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ කැළල යළිත් අනාවරණය කර ඇත. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය, සැබවින්ම දේශපාලනඥයින් බලය හා වාසී හඹා යමින් ඒවා නතු කර ගැනීමේ මෙවලමක් බවට ද අනාවරණය විය.

ගෙවී ගිය වසරක් තුළ  Capitol Hill සිද්ධිය පිළිබඳව සිදු කෙරුණු සමීක්ෂණ හා පරීක්ෂණ තුළදී, පක්ෂ සටන් වර්ණය කැපී පෙනේ.  ඩිමොක්‍රටික් පක්ෂය පාලනය කරන මහජන කොංග්‍රසය සමීක්ෂණ හා විමසීම් පැවැත්වීමටත් එය ප්‍රචාරය කිරීමටත්  විශාල ප්‍රයත්න දරා සිටියි. මේ අතර සමීක්ෂණ කමිටු සාමාජිකයින් අසාධාරණ සේ කටයුතු කරන බවටත් විමසීම්, සිය ගැටළු ආවරණය කිරීමට යොදා ගන්නා උපායක් පමණ බවටත් රිපබ්ලිකන් පක්ෂය චෝදනා නගා තිබේ.

මෙම වසරේ ඇමරිකාවේ මධ්‍ය කාලීන මැතිවරණය පැවැත්වේ. පක්ෂ දෙක, මැතිවරණයෙන් ජය ගැනීම සඳහා අදාල විමසීම් තුළදී විරුද්ධව හැසිරෙන ආකාරය පැහැදිලිය. සත්‍යය සොයා ගැනීමේ අරමුණෙන් යුක්තව පැවැත්වීමට නියමිතව තිබෙන සමීක්ෂණ හා විමසීම්, පක්ෂ අතර සටන් කිරීම තේමා කර ගන්නා තවත් නාඩකමක් වී තිබේ. 

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම