චීන ජනපති හා රුසියානු ජනපති අතර දුරකථන සංවාදයක්
2022-06-15 20:46:13
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පූටින් මහතා දුරකථන සංවාදයක නිරත වෙති.

   දෙරට අතර ප්‍රායෝගික සහයෝගතා ස්ථිර ලෙස ඉදිරියට ගෙන යාමට චීනය රුසියාව සමග එක්ව කටයුතු කිරීමට කැමති බව ෂී ජින්පිං මහතා එහිදී කීය. ස්වාධිපත්‍යය හා ආරක්ෂාවට අදාල කේන්ද්‍රීය වාසී හා වැදගත් සැලකිලි සම්බන්ධයෙන් රුසියාව සමග අන්‍යෝන්‍ය අනුබලය තර කරමින් උපායමාර්ගික සම්බන්ධීකරණය පුළුල් කිරීමට ද චීනය සූදානම් ය. ජාත්‍යන්තර පටිපාටිය හා ගෝලීය පරිපාලනය වඩාත් සාධාරණ හා යුක්තිසහගත දිශාවට වර්ධනය වීම පෙළඹවීම සඳහා, එක්සත් ජාතීන්ගේ සංවිධානය, බ්‍රික්ස් රටවල්, ෂැන්හයි සහ‍යෝගිතා සංවිධානය ඇතුළු ජගත් හා කලාපීය සංවිධාන තුළ දෙරට අතර අදහස් හුවමාරු ශක්තිමත් කරමින්, නැගී එන ආර්ථිකයන් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සමගිය ප්‍රවර්ධනය කෙරේ ද පොදුවේ අවධානය යොමු කිරීමට චීනය අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා පැවසීය. 

චීනය ඉදිරිපත් කළ ගෝලීය ආරක්ෂක ‍මුලපිරුම ට රුසියාවේ අනුබලය හිමි වන බව පූටින් මහතා එහිදී සඳහන් කර ඇත. ඊනියා ‘ෂින්ජියං, හොංකොං, තායිවාන ප්‍රශ්න’ යොදා ගෙන චීන අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීමට රුසියාව විරුද්ධ වේ. චීනය සමග බහුපාර්ශ්වික සහයෝගතාවන් ශක්තිමත් කරමින් ලෝක බහුධ්‍රැවීකරණය හා වඩාත් සාධාරණ යුක්තිසහගත ජගත් පටිපාටියක් ගොඩනැගීමට පොදුවේ සංවර්ධනාත්මක ප්‍රයත්න දැරීමට තම රට කැමති බව ද හෙතෙම සඳහන් කළේය.

නායක දෙපළ යුක්‍රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගත්හ.

චීනය සැම විටම ඓතිහාසික හා සාධාරණ කෝණයක සිට, ස්වාධීනව ඇගයීම් සිදු කරන බව චීන ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත. ලෝක සාමය හා ගෝලීය ආර්ථික පටිපාටියේ ස්ථාවරත්වය තහවුරු කිරීමට චීනය දායකවී සිටියි. විවිධ පාර්ශ්වයන්, වගකීම් සහගත ආකාරවලින් යුක්‍රේන අර්බුදයට නිසි විසඳුමක් සොයා දීමට තැත් කළ යුතුය. එහිදී චීනය සිය ඉටු කළ යුතු වගකීම් දැරීමට කැමති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම