රතු ඉන්දියානුවන්ට සිදුවූ අකටයුතුකම් පිළිබඳ වාර්තාවක්
2022-06-15 20:05:34
Share with:

ඇමරිකානු අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව ‘රතු ඉන්දියානු ජාතික නේවාසික විද්‍යාලවල සත්‍යය පිළිබඳ මුලපිරුම’ පිළිබඳ පරීක්ෂණ වාර්තාවේ පළමු කොටස නිකුත් කරයි.

සංස්කෘතික සමාග්‍රහණය හා රතු ඉන්දියානුවන්ගේ භූමි අත්පත් කර ගැනීමේ ද්විත්ව අරමුණු සඳහා, ඇමරිකානු රජය නේවාසික විද්‍යාල යොදා ගෙන රතු ඉන්දියානු දරුවන් යළි පදිංචි කරවීම හා බලහත්කාරයෙන් මාරු කිරීම් සිදු කළ බව එම වාර්තාව පෙන්වා දෙයි. ඒ අතරතුර බොහෝ දරුවන්ගේ මරණ සිදු වූ බවට ද හෙළිවී ඇත. එය ඇමරිකානු මානව හිමිකම් ඉතිහාසයේ අඳුරු පරිච්ඡේදයක් බවත් රටේ පද්ධතිමය වර්ගවාදය හා මානව හිමිකම් ගැටළුවට එය ‍වැදගත් සාක්ෂි බවත් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම