චීන ඇමරිකා වෙළඳ සහයෝගිතාවට ඇමරිකාව එල්ල කරන බාධා ජාත්‍යන්තර ආර්ථීක පද්ධතියට හා වෙළඳාම් රෙගුලාසි වලට දැඩි හානියක් බවට අවධාරණය කෙරේ
2022-06-14 18:49:12
Share with:

චීන ඇමරිකා වෙළඳ සහයෝගිතාව කෙරෙහි ඇමරිකානු දේශපාලනඥයන් අයුතු ලෙස සම්බාධක පැනවීම ජාත්‍යන්තර ආර්ථීක වෙළඳ පද්ධතියට හා වෙළඳාම් රෙගුලාසි වලට දැඩි හානියක් බවට අවධාරණය කෙරේ.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (14)පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. ඇමරිකා ඩිමොක්‍රටික් පක්ෂය හා  රිපබ්ලිකන් පක්ෂය යන පක්ෂ දෙකේ මන්ත්‍රීවරු පසුගිය දා චීනයේ ආයෝජනය කිරීමට සීමා පැනවීම පිළිබඳව එකඟතාවන්ට එළඹ ඇත. මේ සම්බන්ධයෙන්, වං වෙන්බින් මහතා පැවසුවේ ඇමරිකාවේ එම ක්‍රියා ජාත්‍යන්තර ආර්ථීක වෙළඳ පද්ධතියට හා වෙළඳාම් රෙගුලාසි වලට දැඩි හානියක් වන අතර ගෝලීය කර්මාන්ත දාමයේ ස්ථාවරත්වයට දැඩි  තර්ජනයක්  බවයි.

එම යෝජනාව මගින් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක වටිනාකමින් යුතු චීනයේ ඇමරිකා ආයෝජනයන්ට බාධා කිරීමට ඇමරිකා රජයට නව බලයක් හි‍මිවෙයි. මේ සම්බන්ධයෙන්, වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේ චීන -ඇමරිකා විධිමත් සහයෝගිතාවට අයුතු ලෙස සීමා පැනවීමෙන් චීන සංවර්ධනයට බාධා එල්ල කළ නොහැකි බවයි. ඉන් ඇමරිකාවට සිය සංවර්ධන අවස්ථාව පමණක් අහිමි විය හැකි බව හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම