චීනය සතු ස්වයං යැපීමේ හැකියාව ලොව සියළු රටවලට ආදර්ශයක්
2022-06-13 15:46:49
Share with:

චීනය සතු ස්වයං යැපීමේ හැකියාව ලොව සියළු රටවලට ආදර්ශයක් බව ව්‍යවසායක වසන්ත බණ්ඩාර මහතා පවසයි. කොරොනා වසංගතය, රුසියා යුක්‍රේන ගැටුම ඇතුළු විවිධ ගෝලීය අර්බුද හමුවේ ලොව රටවල් රැසක් විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දී තිබේ. චීනයේ ස්වයං යැපීමේ හැකියාව වැනි ආර්ථික ක්‍රමවේදයන් ගැටළුවලට මුහුණ දී ඇති රටවල් ද පෙර සිටම අනුගමනය කළේ නම් මෙවන් අර්බුදයකට සාර්ථකව මුහුණදීමට හැකියාව තිබූ බව හෙතෙම කියා සිටී. චීනය සිය ඓතිහාසික සිද්ධීන්ගෙන් උගත් පාඩම් මගින් මෙවැනි ස්වයං යැපීමේ හැකියාවක් වර්ධනය කර ගෙන තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් ලබා ගෙන ඇති එම ජයග්‍රහනය චීනයට බාහිර කම්පනයන්ට මුහුණ දීමේ ශක්තිය වැඩි දියුණු කිරීමට හේතුවී තිබේ. මෙවැනි ක්‍රමවේදයන් ගෙන් සෙසු රටවලට ඉගෙන ගත හැකි දේ රැසක් පවතින බව ද හෙතෙම සඳහන් කරයි. ස්වයං යැපීමේ හැකියාව වර්ධනය කර ගත් චීනය අපනයන ආර්ථිකයට යොමුවෙමින් නොනැවතී තම වෙළඳපොළ විදේශයන්ට ද අවස්ථා ගෙන දෙන වෙළඳපොලක් මට්ටමට වර්ධනය කර ගෙන ඇතැයි ද වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම