චීනයට එරෙහිවන ජපාන දේශපාලනඥයින් ජපානය යළිත් අගාධයට ගෙන යනු ඇත
2022-06-13 22:08:31
Share with:

ජපාන අගමැති Fumio Kishida 19 වැනි Shangri-La සංවාදයේදී ‍කළ ප්‍රධාන දේශනයෙන් චීනයට එරෙහිවීමේ උත්සාහය පැහැදිලිව දක්නට ලැබුණු බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.

ලබන වසරේ දී ඊනියා "ඉන්දු-පැසිෆික් සාම සැලැස්ම" ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි ‍ Fumio Kishida සිය දේශනයේදී ප්‍රකාශ කළේය. දේශපාලනය, ආර්ථිකය, රාජ්‍යතාන්ත්‍රිකත්වය, හමුදාව මෙන්ම කාර්මික දාම ඇතුළු විවිධ ක්‍ෂේත්‍ර මගින් චීනයට තර්ජන එල්ල කිරීමට එම සැලැස්ම උත්සාහ දරනු ඇත. ආසියාවේ හමුදා ගැටුම් ඇති කීරීමේ කඩතුරාවක් සෙවීම සඳහා, ඔහු " නැගෙනහිර ආසියාව හෙට යුක්රේනය විය හැකිය" යනුවෙන් හුවා දක්වමින්, "තායිවාන ප්‍රදේශයට එරෙහිව බලය යෙදවීම චීනය අත් නොහරිනු ඇත" යනුවෙන් ද පවසා චීනයට පහර දුන්නේය.

ඊට අමතරව, සිය අධි තාක්‍ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානය පවත්වා ගැනීමට, ජපානය ඊනියා "ආර්ථික ආරක්ෂාව" ඉදිරිපත් කළේය. ජපාන තාක්‍ෂණය චීනයට සේවා සැපයීම සීමා කිරීම එහි අරමුණකි.

චීනයට එරෙහි වීම සඳහා හවුල්කරුවන් සෙවීමට, Shangri-La සංවාදයේදී ජපානය අග්නිදිග ආසියානු රටවල් සමඟ හමුදා හුවමාරු ශක්තිමත් කිරීමට සහ එම රටවලට හමුදා ආධාර සැපයීමට ඇති කැමැත්ත ප්‍රකාශ කළේය. එහෙත්, ඉන්දුනීසියාව, මැලේසියාව සහ අනෙකුත් අග්නිදිග ආසියාතික රටවල් තමන් පැත්තක් නොගන්නා බව පැහැදිලි කර ඇත.

චීනයේ සංවර්ධනය අවස්ථාවක් මිස තර්ජනයක් නොවන බව බොහෝ ආසියානු රටවල පිළිගැනීමය. ඇතැම් ජපාන දේශපාලනඥයින් ඇමරිකාවට සේවා සපයමින්, එරට සමග එක්ව චීනයට එරෙහිව කටයුතු කරමින් සිටින බව පැහැදිලිය. එය ජාත්‍යන්තර පටිපාටිය සහ කලාපීය සාමයට බරපතල අවදානම් සාධකයකි. දෙවන ලෝක සංග්‍රාම සමයෙන් විඳි පරාජය වැනි පාඩම් වැඩි ඈතක නොවේ. ඔවුන්ගේ ක්‍රියා මගින් ජපානය යළිත් අගාධයට ගෙන යනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම