පෞද්ගලික අංශයේ ව්‍යවසායන්හි ප්‍රගතියෙන් චීනයට මෙන්ම සමස්ත ලෝක ආර්ථිකයටම ගාමක බලයක්
2022-06-11 16:27:42
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගියදා  බටහිර චීනයේ ස්චුවාන් පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. පෞද්ගලික ව්‍යවසායක් වන XGIMI දෘෂ්ටි ඉලෙක්ට්‍රොනික සමාගම එහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය. චීනය පෞද්ගලික අංශයේ ආර්ථික සංවර්ධනය අගය කිරීම හා දිරිගැන්වීම එමගින් පිළිබිඹු වේ. 

චීන ආර්ථික සංවර්ධන ප්‍රගතිය වෙනුවෙන් පෞද්ගලික අංශය විශාල දායකත්වයක් දක්වා තිබේ. ගෙවුණු වසර දෙක තුළ වසංගතය හා දෙස් විදෙස් පරිවර්තන හේතුවෙන් පෞද්ගලික ව්‍යවසායන් බොහෝ අසීරුතා හා අභියෝග වලට මුහුණ පා ඇත. මෙම අසීරුතා මගහරවා ගැනීමට  චීනයේ විවිධ මට්ටමේ ආණ්ඩු සක්‍රිය සහය ලබා දී තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනයෙන් පසු චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බොහෝ අවස්ථාවල පෞද්ගලික අංශයේ ආර්ථික වැදගත්කම පිළිබඳ අවධාරණය කර තිබේ. මෙවර XGIMI දෘෂ්ටි ඉලෙක්ට්‍රොනික සමාගම නිරීක්ෂණ කිරීමේදී හෙතෙම පැවසුවේ ස්වයං නිර්මාණශීලි හැකියාව දියුණු කිරීම තුළින් නිෂ්පාදන ශක්‍යතා බලවත් රටක් ගොඩනැගීම  කඩිනම් කළ යුතු බවයි. ඉන් චීනයට පමණක් නොව ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ද ප්‍රශස්ත ගාමක බලයක් සැපයෙනු ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම