ගෙවී ගිය දශකයේ චීනයේ සමස්ත ප්‍රවාහන සේවා හිමි කරගත් පුළුල් ජයග්‍රහණ ඇගයේ
2022-06-10 11:00:06
Share with:

ගෙවී ගිය දශකය තුළ චීනයේ සමස්ත ප්‍රවාහන සේවා දැවැන්ත ජයග්‍රහණ අත්පත් කර ගනී.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක කාර්යාලය අද(10) පැවත්වූ “ඉකුත් දශකයේ චීනය” නමැති මාධ්‍ය හමුවේ දී  මේ බව ප්‍රකාශ කෙරිණ. 2012 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික සම්මේලනය පැවැත්වීමෙන් පසු චීනයේ ප්‍රවාහන සේවා ලබා ගත් ඓතිහාසික ජයග්‍රහණ පිළිබඳව එහිදී විස්තර කරනු ලැබීය.

එම කාලය තුළ චීනයේ සංයුක්ත ගමනාගමන ජාලය ශීඝ්‍රයෙන් වර්ධනය වූ  අතර, එය දෙස් විදෙස් ආර්ථීක ක්‍රියාකාරීත්වයේ සාර්ථක පැවැත්ම ද ශක්තිමත් ලෙස තහවුරු කර ඇත. ලෝකයේ විශාලතම අධිවේගී දුම්රිය සේවා ජාලය ,අධිවේගී මහාමාර්ග ජාලය චීනය ඉදි කර තිබේ. විශාල පරිමාණ මෙන්ම දෙස් විදෙස් ඒකාබද්ධ සංයුක්ත ප්‍රවාහන පද්ධතිය, දේශීය ආර්ථීකයේ නිසි ක්‍රියාකාරීත්වයට සවිමත් පිටුබලයක් මෙන්ම ලෝක ආර්ථීක වර්ධනයට ද වැදගත් දායකත්වයක් ලබා දුන් බව එහි දී ප්‍රකාශ කෙරිණ. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම