ශින් චියං උයිගුර් ජාතිකයන් ගැන තවමත් කිඹුල් කඳුළු වගුරන වෘත්තීය බොරුකාරයෝ
2022-06-10 20:50:23
Share with:

               

ඇමරිකාව සකස් කළ“ශින් චියං උයිගුර් ජාතිකයන්ගේ බලහත්කාර ශ්‍රම වැළැක්වීමේ පණත”ලබන 21වැනි දා බලාත්මක කිරීමට නියමිතව තිබියදී අපූරු සිද්ධියක් වාර්තා විය. එම සිද්ධියේ ප්‍රධාන චරිතය වන්නේ“වෘත්තීය බොරුකාරයෙකු”වශයෙන් හැඳින්වෙන Adrian Zenz නම් පුද්ගලයා ය. ඔහු වාර්තාවක් නිකුත් කරමින් චීන රජය ශින් චියං ප්‍රදේශයේ උයිගුර් ජාතිකයන් බලහත්කාරයෙන් ශ්‍රමික කටයුතුවලට යොමු කරවීම තවදුරටත් වැඩි කර ඇති බව කියා සිටියේ ය. එහෙත් එම වාර්තාවෙන් අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීමට ඔහුට නොහැකි විය. මීට පෙර Adrian Zenz බොහෝ අවස්ථාවලදී ද මෙලෙසින් අසත්‍ය වාර්තා පළ කර තිබේ. 

 මෙම“වෘත්තීය බොරුකාරයාගේ”වාර්තාව ගැන සඳහන් කරන විට චීනයේ සේවය කළ ඇමරිකාවේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකුගේ ප්‍රකාශයක් සිහිපත් වේ. “චීනයේ ශින් චියං ප්‍රදේශයේ කිසිදු ප්‍රශ්නයක් නැහැ කියලා අපි හැමෝම පැහැදිලිව දන්නවා. ඒත් එම ප්‍රදේශය ඉලක්ක කරගෙන බලහත්කාර ශ්‍රමය, ජන සංහාරය හා මානව හිමිකම් වැනි ප්‍රශ්න ඇති කිරීම ඉතාම ඵලදායී ක්‍රමයක්. චීන රජය විවිධ ගැටළු සහගත තත්ත්වයන්ට ලක් කිරීම එහි අරමුණයි.  ”යනුවනේ එම නිලධාරියා පැවසූ බව පසුගිය දා මාධ්‍ය විසින් හෙළි කරන ලදී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම