පොදු ප්‍රවාහන සේවා විධිමත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
2022-06-10 15:04:29
Share with:

පොදු ප්‍රවාහන සේවා වඩාත් විධිමත්ව හා ගුණාත්මකව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි. ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ (09) පැවති අවස්ථාවේදීය.

ඛනිජ තෙල් මිල ඉහළයාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. ඒ සමග පොදු ප්‍රවාහන සේවා සඳහා පවතින ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බැවින් එම සේවා පුළුල් කර ජනතාවට සහන සලසන ලෙස ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දුන්නේය.

දුම්රිය හා බස්රථ සදහා අඛණ්ඩව තෙල් සැපයීම, ලංගම හා පෞද්ගලික බස්රථ ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය සහ  කාර්යාල දුම්රිය ගමන්වාර වැඩිකිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමුවිය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම