තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී ලෙස හැසිරෙන ජපානය
2022-06-09 12:35:29
Share with:

ජපාන මාධ්‍ය මෑතකදී සංවේදී පුවත් දෙකක් පළ කළේය. ඉන් එකක්, ගිම්හාන සමයේ හෝ ඉන් පසු කාලයක චීන තායිවාන පළාතට සිය ආරක්ෂක අමාත්‍යංශයේ සිවිල් නිලධාරීන් යවා ස්ථිර ලෙස රැඳී සිටීමට ජපාන රජය සැලසුම් කිරීමය. දෙවන පුවත, " තායිවානයේ යමක් සිදුවනු ඇතැයි කනස්සල්ලට පත්වීම" යන පදනම මත පාබල, නාවික සහ ගුවන් ස්වයං ආරක්ෂක බලකාය ඒකාබද්ධව අණ දෙන මූලස්ථානයක් පිහිටුවීමට ජපාන ආරක්ෂක අමාත්‍යංශය සැලසුම් කිරීමය.

එම පුවත් සත්‍ය නම් එය තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ජපානය විසින් නිකුත් කරන ලද තවත් අනතුරුදායක සංඥාවකි.

මේ වන විට චීනය මර්දනය කිරීමේ අරමුණෙන් ඇමරිකාව යොදා ගන්නා "ඉන්දු පැසිෆික් උපාය මාර්ගය" ඇතැම් ජපන් දේශපාලනඥයන්ට නම් නිධානයක් වැනිය. එක් අතකින්, ඔවුන් නේටෝ සංවිධානයේ "ආසියා-පැසිෆික්කරණය" සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරන අතර අනෙක් අතට, ඔවුන්ට අවශ්‍ය වන්නේ ඇමරිකාව යොදා ගෙන ආසියා පැසිෆික් කලාපය අවුල් කිරීමට ය.

ඉතිහාසයේදී ජපානය ආක්‍රමණශීලී යුද්ධයක් දියත් කරමින් චීනය ඇතුළු ආසියාවේ අසල්වැසි රටවලට විශාල හානියක් සිදු කළේය. වර්තමානයේ ජපාන දක්ෂිනාංශික බලවේග ආසියාවේ නව බෙදුම්වාදී ගැටුමක් අවුලුවන අතර කලාපීය රටවල් මේ ගැන දැඩි අවධානයෙන් සිටිය යුතුය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටු කාර්යාලයේ අධ්‍යක්ෂ Yang Jiechi මහතා පසුගිය 7වැනිදා ජපාන ජාතික ආරක්ෂක ඒජන්සියේ ප්‍රධානී Takeo Akiba සමඟ දුර්කථනයෙන් සාකච්ඡා කිරීමේදී පෙන්වා දුන්නේ, තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ජපන් දේශපාලනඥයන් අවදානම් හා හානිකර ක්‍රියාවන්හි නිරත වුවහොත් අවසානයේ පසුතැවීමට සිදුවන්නේ ඔවුන්ටම බවයි.

ගුවන් විදුලිය
20230604ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම