“චීනය සහ මධ්‍යම ආසියානු රටවල් පහේ" තුන්වන විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවේ දී එකඟතා රැසක්
2022-06-09 09:49:10
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය Wang Yi මහතා ඊයේ (8) Nur-Sultan හිදී පැවති "චීනය සහ මධ්‍යම ආසියානු රටවල් පහේ" තුන්වන විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගී විය. කසක්ස්ථාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය Mukhtar Tileuberdi මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවට තුර්ක්මෙනිස්ථානයේ සහ කිර්ගිස්ථානයේ විදේශ අමාත්‍යවරුන්, තජිකිස්ථානයේ ප්‍රවාහන හා ගමනාගමන අමාත්‍යවරයා සහ උස්බෙකිස්ථානයේ වැඩ බලන විදේශ අමාත්‍යවරයා ද සහභාගී විය.

අන්‍යෝන්‍ය ගෞරවය, මිත්‍රශීලි අසල්වැසිභාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු ජයග්‍රහන යන මූලධර්මවලට අඛණ්ඩව අනුගත වී මධ්‍යම ආසියානු රටවල් සමඟ සමගිය හා සහයෝගීතාව ශක්තිමත් කර පොදු ඉරණමක් සහිත වඩාත් සමීප චීන-මධ්‍යම ආසියානු ප්‍රජාවක් ගොඩනැගීම සඳහා අත්වැල් බැඳ ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බව Wang Yi මහතා ප්‍රකාශ කළේය.

Wang Yi මහතා එම සමුළුවේදී යෝජනා පහක් ඉදිරිපත් කළේය. පළමු යෝජනාව, රටවල් හය අතර සහයෝගීතාව මූලික වශයෙන් වැඩිදියුණු කිරීමය. දෙවනුව, පශ්චාත් වසංගත ප්‍රතිසාධනය සඳහා ශක්තිමත් එන්ජිමක් නිර්මාණය කළ යුතුය. තෙවැන්න ශක්තිමත් කලාපීය සාම බලකොටුවක් ගොඩනැගීමය. සිව්වැන්න මානුෂික හා සංස්කෘතික හුවමාරු සඳහා බහුවිධ මංපෙත් විවර කිරීමය. පස්වනුව, ගෝලීය පාලනයේ ධනාත්මක බලවේග එක්රැස් කිරීමය.

"චීනය සහ මධ්‍යම ආසියානු රටවල් පහ" රාජ්‍ය නායක සමුළු යාන්ත්‍රණය පිහිටුවීමට සියලුම පාර්ශව එකඟ වූ අතර, "චීනය සහ මධ්‍යම ආසියානු රටවල් පහ" විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවේ ඒකාබද්ධ ප්‍රකාශය ඇතුළු ප්‍රතිඵල ලේඛන හතරක් ද එහිදී සම්මත කෙරිණ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම