මේ වසරේ දෙවන භාගය තුළ චීන ආර්ථීක වර්ධන ප්‍රවණතාව යළි යථා තත්ත්වයට පත්වනු ඇතැයි ලෝක බැංකුවෙන් අණාවැකි
2022-06-09 10:29:12
Share with:

මේ වසරේ දෙවන භාගය තුළ චීන ආර්ථීක වර්ධන ප්‍රවණතාව යළි යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකුව ඊයේ (8)  බෙයිජිං නගරයේ දී නවතම චීන ආර්ථීකය පිළිබඳ සංක්ෂිප්ත වාර්තාවක් නිකුත් කරමින් මේ බව හෙළි කළේ ය. ශක්තිමත් සම්බන්ධීකරණ මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති යන ආර්ථීක ස්ථායිකරණ පියවර ක්‍රියාත්මක කිරීම යටතේ මේ වසරේ දෙවන භාගය තුළ චීන ආර්ථීක වර්ධන ප්‍රවණතාව යළි යථා තත්ත්වයට පත්වනු ඇති බව එම වාර්තාවේ දැක්වේ.

ලෝක ආර්ථීක පරිසරය උග්‍ර වීම හා Covid -19 වසංගතයේ බලපෑම් එල්ල වුවද මේ වසරේ පළමු කාර්තුවේ දී, චීන ආර්ථීකය තවදුරටත් සාපේක්ෂව ශක්තිමත් තත්ත්වය පැවති බව “බහු බලපෑම් හා ආර්ථීක උත්තේජනය” නමැති එම වාර්තාව සඳහන් කරයි. එහෙත් මාර්තු මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ Covid -19 වසංගතයෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් නිෂ්පාදන කටයුතු හා දේශීය අවශ්‍යතා දුර්වල පැවතීම ආර්ථීක ක්‍රියාකාරීත්වයට දරුණු පහරක් එල්ල වී ඇත. 

සක්‍රීය මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ චීනය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණය හරහා ආර්ථික වර්ධනයේ දී පරිභෝජන කාර්යභාරය තවදුරටත් ඉහළ නංවනු ඇති අතර, වඩාත් සමබර,අවබෝධ සහ තිරසර වර්ධනයක් ඉටු කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව එම ලෝක බැංකුවේ වාර්තාවේ සඳහන් වෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම