චීන රේගු මහ පරිපාලනය චීනයේ විදේශ වෙළඳාම පිළිබඳ නවතම දත්ත වාර්තාව අද (09) නිකුත් කර තිබේ. ඒ අනුව, මැයි මාසයේ චීනයේ සමස්ත ආනයන හා අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 53.77කි. එය 2021 වසරේ සමාන කාලයට සාපේක්ෂව 11.1%ක වර්ධනයකි. කොවිඩ් වසංගතය හමුවේ ගෙවී ගිය මාස 5 තුළ චීනයේ විදේශ වෙළඳාම මෙවන් ස්ථාවර වර්ධනයක් අත්කර ගැනීම පහසු කාර්යයක් නොවේ. චීනයේ කොවිඩ් වසංගත පාලනය අඛණ්ඩ ව හා ඵලදායී ලෙස පවත්වාගෙන ගියහොත් මෙන්ම ගෝලීය පරිභෝජන අවශ්‍යතා අඛණ්ඩව වැඩි වුවහොත්, මේ වසරේ චීන අපනයනය 15%ක පමණ වර්ධනයක් ලබාගනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂණ ආයතන ඇස්තමේන්තු කර ඇත.
චීනය ගෝලීය සැපයුම් ජාලයේ කේන්ද්‍රීය සාධකයක් වන බැවින් චීන වෙළඳ භාණ්ඩ පිළිබඳ ගෝලීය අවශ්‍යතා නොකඩවාම වර්ධනය වෙමින් පවතින බව එම විශ්ලේෂණ ආයතන පවසයි. චීනයට ලෝකය අවශ්‍ය වන අතර, ලෝකයට චීනය නැතුවම බැරි තත්ත්වයක් නිර්මාණය වී ඇත. අන්තර්ජාතික සමාගම් චීනය සමග පවතින බැඳීම් විසන්ධි කිරීමට ඇතැම් බටහිර රටවල් කෙතරම් වෑයම් කළ ද එය සාර්ථක නොවනු නියත ය. දිගුකාලීන වශයෙන් යහපත් අතට හැරෙන ප්‍රවණතාවක් චීන ආර්ථිකය තුළ දක්නට ලැබේ. එම ජාත්‍යන්තර විශ්ලේෂණ ආයතනවල විශ්වාසය රඳා පවතින්නේ මේ කරුණු මත බව කිව හැකි ය.
විදේශ වෙළඳාම රටක ආර්ථිකය නිරීක්ෂණය සඳහා වන කැඩපත ය. ගෙවී ගිය මාස පහේ චීන විදේශ වෙළඳාමේ පැවති තත්ත්වය චීනයට පමණක් නොව ලෝකයට ද උණුසුම් ශක්තියක් එක් කර ඇත.