කොළඹ වරාය නගරයේ ආයෝජකයන්ට වසර 40 ක විශේෂ බදු සහනයක්
2022-06-09 18:40:49
Share with:

කොළඹ වරාය නගරයට එක්වන ආයෝජකයන්ට වසර 40 ක විශේෂ බදු සහනයක් ලබා දීමට රජය තීරණය කරයි. වැඩි විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම මෙහි අරමුණයි. කොළඹ වරාය නගරය, චීනයේ “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ ප්‍රමුඛ ව්‍යපෘතියකි.

අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ, මේ වන විට වැඩිම තනි සෘජු විදේශ ආයෝජන කොළඹ වරාය නගරයට ලබා දී ඇති බවයි. එය ඩොලර් බිලියන 1.4 කි. විශේෂ බදු සහන ලබා දීමෙන් එවැනි ආයෝජන ආකර්ෂණය කරගත හැකි බව ද අමාත්‍යවරයා කියාසිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම