ඇමරිකාව යනු "අසත්‍යයේ අධිරාජ්‍යයක්" බව චීනය පවසයි
2022-06-08 20:03:35
Share with:

ඇමරිකානු රජයේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් "අසත්‍ය තොරතුරු කොමිසම", පිහිටුවා දින 21 කට පමණ පසුව, දැඩි සැකසංකා මතුවීම  හේතුවෙන් එහි කටයුතු අත්හිටුවීමට බලකෙරුණු බව වාර්තා විය. ඒ අනුව, කොමිසමේ පළමු ප්‍රධානියාට ඉල්ලා අස්වීමට ද සිදු විය.

මේ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා පෙන්වා දුන්නේ, මෙම " අසත්‍ය තොරතුරු කොමිසම" දැඩි සැකයන් මතුකිරීම සම්බන්ධයෙන් පුදුමයට පත්විය යුතු නැති බවයි. මක්නිසාද යත්, ඇමරිකානු රජයම ලෝකයේ විශාලතම වැරදි තොරතුරු බෙදාහරින්නා වන බැවිනි.

ඇමරිකානු රජය කොරොනා වසංගතය හටගත් මුල් අවදියේදී වෛරසයේ සම්භවය පිළිබඳ අසත්‍ය තොරතුරු පතුරුවා හැරියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඇමරිකාව නව කොරොනා වෛරසයෙන් තහවුරු වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව සහිත  හා වැඩිම මරණ සංඛ්‍යාව සිදුවූ රට බවට  පත් විය. අහිංසක ඇමරිකානුවන් මිලියනයකට වඩා පිරිසකට සිය ජීවිත අහිමි වූ බව ද, Zhao Lijian මහතා සඳහන් කළේ ය.

ලොව ප්‍රමුඛතම මහජන සම්බන්ධතා උපදේශන සමාගමක් වන Edelman සමාගම පළ කළ වාර්තාවලට අනුව, තම රජය කෙරෙහි ඇමරිකානු ජනතාවගේ විශ්වාසය 39%ක් පමණක් වන අතර, එය මෙතෙක් වාර්තා වූ අඩුම  අගය වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම