චීන නගරවල වායු දූෂණ තත්ත්වය අඛණ්ඩව යහපත් වෙමින් පවතී
2022-06-08 15:25:09
Share with:

පරිසර සුරක්ෂිතභාවය , පාලත් මට්ටම් රජයන්ට සෘජු ව අයත් ඇති නගරවල වායු දූෂණය කෙරෙහි චීන රජය සැම විටම වැඩි අවධානය යොමු කරනවා. 2012 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික සම්මේලනය පැවැත්වීමෙන් පසු ජෛව පරිසර සුරක්ෂිත කටයුතු සඳහා චීනය දැඩි පියවර ගනිමින් ජනතාව යහපත් පරිසර තුළින් ලබා ගත් වාසි වැඩි වෙමින් පවතිනවා. පසුගිය 5 වැනිදා චීන ජාතික පරිසර දිනය නිමිත්තෙන් පැවති උත්සවයට එක්වූ චීන ජෛව පරිසර අමාත්‍ය Huang Runqiu මහතා මේ සම්බන්ධයෙන් විස්තර කළා. ඔහු ප්‍රකාශ කළේ පසුගිය 2015 වසර හා සැසඳීමේ දී පසුගිය වසරේ චීනයේ පාලත් මට්ටම් රජයන්ට සෘජු ව අයත් ඇති නගර හා ඊට වඩා ඉහළ මට්ටම් නගරවල සාමාන්‍ය PM2.5 නම් වායූ අංශූ ප්‍රමාණ පිළිබඳ දර්ශකය සියයට 34.8කින් අඩු වූ බවයි. බෙයිජිං නගරයේ එම දර්ශකය සියයට 57.7කින් අඩුවී තිබීමත් ඉතා සුවිශේෂී තත්ත්වයක්. ජෛව පරිසර යහපත් කිරීමෙන් ආර්ථීක සමාජීය ප්‍රතිලාභ ඇති වීම මගින් සුන්දර පරිසරය යනු වටිනා ධනය යන සංකල්පය සාක්ෂි කෙරුණු ඇතැයි හෙතෙම සඳහන් කළා.

2020 වසරේ චීනයේ කාබන් ඩයොක්සඩ් විමෝචන ප්‍රමාණය 2005 වසර හා සැසඳීමේ දී සියයට 48.4කින් අඩු වූණා. චීනය ලෝකයට ලබා දුන් ප්‍රතිඥාව ඉහළින් ඉටු කර ඇති බව හෙතෙම කියා සිටියා. 2022 වසරේ බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙල ඔලිම්පික් උළෙල ඉතිහාසයේ දී පළමු "කාබන් මධ්‍යස්ථ" ශීත සෘතු ඔලිම්පික් උළෙල බවට පත්වූණා. පූර්ණ හරිත අඩු කාබන් පරිවර්තනයක් සඳහා චීනයේ දැඩි අධිෂ්ඨානය සහ ශක්තිමත් පියවර ඉන් පිළිබිඹු වූ බව චීන ජෛව පරිසර අමාත්‍ය Huang Runqiu මහතා පැවසුවා.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම