ඇමරිකාවේ ඒක ධ්‍රැවීකරණ ආධිපත්‍යය අවසන්
2022-06-07 10:58:28
Share with:

ඇමරිකානු මහාද්වීපයේ 9 වැනි ප්‍රධාන සමුළුව ඊයේ (6) ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ දී ආරම්භ විණ. නමුත්, මෙම වසරේ අප්‍රේල් මාසයේදී ඇමරිකානු රාජ්‍ය මණ්ඩලය, ඊනියා “ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නය” උපුටා දක්වමින් නිවේදනය කළේ කියුබාව, වෙනිසියුලාව සහ නිකරගුවා යන රටවල නායකයන්ට සමුළුවට ආරාධනා නොකරන බවයි. මෙම පියවරට ලතින් ඇමෙරිකානු රටවලින් දැඩි විරෝධයක් එල්ල විය. මේ සම්බන්ධයෙන් මෙක්සිකෝව හා බොලීවියාව ඇතුළු රටවල නායකයන් කියා සිටියේ ඇමරිකාව, ඇමරිකානු මහාද්වීපයට අයත් සියලු රටවල නායකයන්ට ආරාධනා නොකරන්නේ නම්, සමුළුවට සහභාගි වීම ප්‍රතික්ෂේප කරන බවයි. ඇමරිකාව, ඇමරිකානු මහාද්වීපයේ 9 වැනි ප්‍රධාන සමුළුවේ සත්කාරකත්වය ප්‍රයෝජනයට ගෙන ඇතැම් ලතින් ඇමරිකානු සහ කැරිබියානු රටවලට එරෙහිව වෙනස් කොට සැලකීම, දැඩි ලෙස හෙළා දැකින බවට දින කිහිපයකට පෙර පැවති “අපේ ඇමරිකානු මහාද්වීපික ජනතාව සඳහා බොලිවේරියානු සන්ධානයේ”29 වැනි ප්‍රධාන සමුළුව ප්‍රකාශ කර ඇත.

ලතින් ඇමෙරිකානු රටවල් මේ තරම් ප්‍රබලව මීට ප්‍රතිචාර දක්වා ඇත්තේ ඔවුන් දිගුකාලීනව ඇමරිකාවෙන් පීඩා විඳින බැවිනි. 1823 වසරේදී ඇමරිකාව ලතින් ඇමරිකාව පාලනය කිරීම සඳහා "Monroe Doctrine" ප්‍රතිපත්ති මාලාව යෝජනා කළ දා සිට, ලතින් ඇමරිකානු රටවල් ඇමරිකාවේ මිලිටරි මැදිහත්වීම්, දේශපාලන උපාමාරු,සම්බාධක සහ අපනයන උද්ධමනය හේතුවෙන් දරුණු දුක් පීඩාවන්ට මුහුණ පා ඇත.

ඇමරිකානු මහාද්වීපය "ඇමරිකානුවන්ගේ ඇමරිකා මහාද්වීපය" නොවේ. එය "සමස්ත ඇමරිකානු මහාද්වීප ජනතාවගේ ඇමරිකානු මහාද්වීපයයි". මෙවර ඇමරිකානු මහාද්වීප ප්‍රධාන සමුළුව විවේචන සහ වර්ජන මධ්‍යයේ  පැවැත්වීම තුළින්, ඇමරිකාවේ ඒක ධ්‍රැවීකරණ ආධිපත්‍යය අවසන් ව ඇති බවට වෙනිසියුලාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලන විශ්ලේෂක Fernando Rivero මහතා කළ නිගමනය මැනැවින් සනාථ වී තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම