චීන ජාතික විශ්වවිද්‍යාලයීය ප්‍රවේශ විභාගය ඇරඹේ
2022-06-07 13:09:18
Share with:

 


චීන ජාතික විශ්වවිද්‍යාලයීය ප්‍රවේශ විභාගය ඇරඹේ.

අද(7) ආරම්භ වුණු විභාගයට ‍එක්කෝටි දහනව ලක්ෂ තිස් දහසක සිසු පිරිසක් පෙනී සිටිති. විභාගයට එක්වන්නන්‍ හා විභාග කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා, විවිධ ප්‍රදේශවල විභාග පැවැත්වීමේ මධ්‍යස්ථානවල සෞඛ්‍ය පරීක්ෂණ හා පීසීආර් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් වසංගත පාලන සේවකයන් මෙන්ම උපකරණ මනාව සූදානම් කර ඇත.

මේ වනවිට චීනයේ වැසි සමය ඇරඹී ඇත. අධික වර්ෂාපතනයෙන් විභාගයට එල්ලවන අහිතකර බලපෑම් අවම කිරීමට විශේෂ පියවර ගෙන තිබේ. මේ අතර ගමනාගමනය, නේවාසික පහසුකම් හා ආහාර සනීපාරක්ෂාව, අධික උෂ්ණත්වයෙන් වැළකීම පිළිබඳ කටයුතු කරන පුද්ගලයන්ට තම සේවාවන් තහවුරු කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යංශය සහ අදාළ අංශ විවිධ ප්‍රදේශවලට උපදෙස් දෙයි. ආබාධිත තත්ත්වයේ පසුවන සිසුන් ඇතුළු අසීරුතා ඇති පිරිසට අවශ්‍ය පහසුකම් ද සලසා දී තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම