සාමූහික ආරක්ෂක ගිවිසුම් සංවිධානයේ පාර්ලිමේන්තු සභා පූර්ණ සැසියේ දී චීනයේ අදහස් පළ වේ
2022-06-07 12:05:19
Share with:

සාමූහික ආරක්ෂක ගිවිසුම් සංවිධානයේ පාර්ලිමේන්තු සභා පූර්ණ සැසියේ දී චීනය අදහස් පළ කරයි.

එම සභාවේ සභාපති මෙන්ම රුසියානු ඩුමා සභාවේ සභාපති Vyacheslav Viktorovich Volodin මහතා ගේ ඇරයුමට අනුව, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති Li Zhanshu මහතා ඊයේ(06) එම පූර්ණ සැසියේදී වීඩියෝ ආකාරයෙන් දේශනයක් පැවැත්වීය.

එහිදී ඔහු පැවසුවේ වර්තමානයේ ලොව පුරා පෙර නොවූ විරූ ආකාරයේ ශීඝ්‍ර වෙනස්වීමක් දක්නට ලැබෙන බවයි. නව කොරොනා වසංගතය වරින් වර පැතිර ගොස් තිබේ. ඒකපාර්ශ්වවාදය, අධිපතිවාදය සහ බල දේශපාලනයෙන් එල්ලවන තර්ජන ද ඉහළ ගොස් ඇත.මානවයා මුහුණ පා සිටින ආරක්ෂක අභියෝග සැලකිය යුතු ලෙස තීව්‍ර වී ඇතැයි ද Li Zhanshu මහතා පෙන්වා දුන්නේ ය.

සංකීර්ණ හා බැරෑරුම් ජාත්‍යන්තර හා කලාපීය ආරක්ෂක තත්ත්වය හමුවේ, සාමූහික ආරක්ෂක ගිවිසුම් සංවිධානයට අයත් සාමාජික රටවල් සමග එක්ව අදහස් හුවමාරු හා සහයෝගිතා තහවුරු කිරීමට චීනය කැමති ය. ප්‍රායෝගික පියවර යොදා ගනිමින් කලාපීය සාමය හා ස්ථාවරත්වය පොදුවේ සුරැකීම චීනයේ අපේක්ෂාව බව ද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම