හොංකොං මාලිගා කෞතුකාගාරය ජූලි 2 විවෘත වේ
2022-06-07 16:41:29
Share with:

චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ හොංකොං මාලිගා සංස්කෘතික කෞතුකාගාරය ජූලි මස 2 වනදා විවෘත කෙරේ.

හොංකොං මාලිගා කෞතුකාගාරය අද(7) මේ බව නිවේදනය කළේය. එහි සමාරම්භක දර්ශනය ‍හොංකොං මාලිගා කෞතුකාගාරය හා තහනම් මාලිගා කෞතුකාගාරය විසින් ඒකාබද්ධව සැලසුම් කෙරේ. තහනම් මාලිගා කෞතුකාගාරයේ වටිනා පුරාවස්තු 914ක් එහිදී ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

1925 වසරේ තහනම් මාලිගා කෞතුකාගාරය ස්ථාපනයෙන් පසු පුරාවස්තු මෙතරම් විශාල ප්‍රමාණයක් වෙනත් ප්‍රදේශයක ප්‍රදර්ශනය කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය යි. ඒ අතරින් බොහෝ පුරාවස්තු හොංකොංහි ප්‍රථම වරට ප්‍රදර්ශනය කිරීම ද විශේෂත්වයකි.

හොංකොං මාලිගා සංස්කෘතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති Chen Zhisi මහතා පැවසුවේ, චීන මධ්‍යම රජයේ හා හොංකොං විශේෂ පරිපාලන ආණ්ඩුවේ සහය යටතේ කෞතුකාගාරය ජූලි මාසයේ විවෘත වීම, හොංකොං විශේෂ පරිපාලන කලාපය ස්ථාපනය වීමේ 25 වන සංවත්සරය නිමිත්තෙන් එහි ජනතාවට පිරිනැමෙන සැමරුම් තිළිණයක් බවයි.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම