චීනයේ Shenzhou 14 අභ්‍යවකාශ යානයේ ගගනගාමීහු කක්ෂීය මොඩියුලයට පිවිසෙති
2022-06-06 11:51:30
Share with:
චීනයේ Shenzhou 14 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය, කක්ෂගත අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ සංයෝජනය වීමෙන් පසුව, එහි කාර්ය මණ්ඩලය කක්ෂීය මොඩියුලයට ඇතුළු වෙති. ක්‍රියා පටිපාටිවලට අනුව සියලු සූදානම් කිරීම් අවසානයේ, ගගනගාමී Chen Dong මහතා Tianhe කෝර් මොඩියුලයේ පිවිසුම් දොර සාර්ථකව විවෘත කළේය. බෙයිජිං වේලාවෙන් 2022 වසරේ ජූනි 5වැනිදා රාත්‍රී 8:50 ට, Chen Dong මහතා, Liu Yang මහත්මිය සහ Cai Xuzhe මහතා යන ගගනගාමී කාර්ය මණ්ඩලය, Tianhe කෝර් මොඩියුලයට ඇතුළු වූහ. ඉදිරියේදී මේ ගගනගාමීන් සැලසුම් අනුව අදාළ කටයුතු සිදුකරනු ඇත.