ශ්‍රී ලංකාවට ස්විට්සර්ලන්තයේ උපරිම සහාය
2022-06-06 16:43:12
Share with:

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති Dominik Furgler මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේ දී පැවැත්වෙයි.

වර්තමානය වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සහ යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව අධිකරණ ඇමතිවරයා මෙහිදී තානාපතිවරයා දැනුවත් කළේය.  එම පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව දේශපාලන මෙන්ම ආර්ථික ස්ථාවරය ළඟා කර ගත හැකි වනු ඇතැයි ද ඇමතිවරයා විශ්වාසය පළකළේය.

වර්තමානය වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අභියෝග පිළිබඳව තම අවධානය යොමුව ඇති අතර, තත්ත්වය පිටුදැකීම සඳහා සිය උපරිම දායකත්වය මෙරටට ලබා දෙන බව ස්විට්සර්ලන්ත තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම