ගෝලීය නිෂ්පාදන කර්මාන්ත වර්ධන වේගයේ ප්‍රගතියක්
2022-06-06 11:23:28
Share with:

මැයි මාසයේ ගෝලීය නිෂ්පාදන කර්මාන්ත වර්ධන වේගය තරමක ප්‍රගතියක් පෙන්නුම් කරයි.

චීන ලොජිස්ටික් හා මිලදී ගැනීමේ ඒකාබද්ධ සංගමය අද (06) නිකුත් කළ, මැයි මාසයේ ගෝලීය නිෂ්පාදන කර්මාන්තයේ මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකයේ මේ බව දැක්වෙයි.

මේ අනුව, ප්‍රධාන ආර්ථික ඒකකයන්ගේ බලපෑම යටතේ, ගෝලීය නිෂ්පාදන කර්මාන්තයේ වර්ධන වේගය, අප්‍රේල් මාසයට සාපේක්ෂ ව ස්වල්ප වැඩිවීමක් පෙන්නුම් කරයි. මැයි මාසයේ ගෝලීය නිෂ්පාදන කර්මාන්තයේ මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකය  53.5%ක අගයක පැවතිණ. අප්‍රේල් මාසයේ පැවති අගය හා සැසඳීමේ දී එය 0.3%ක වර්ධනයකි. පසුගිය පෙබරවාරි හා මාර්තු යන මාස දෙකේ පැවති අඛණ්ඩ පහත වැටීම් මින් නිමා වී ඇත.

ඉහළ යන උද්ධමනය, භූගෝලීය දේශපාලන ගැටුම් හා අඛණ්ඩව පැතිර යන නව කොරොනා වසංගතයෙන් සිදුවූ බලපෑම් ගෝලීය ආර්ථික පුනරුත්ථාපන ශක්තිය නොකඩවාම අඩු කර ඇති බව ද විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම