අතීතයේ සැරිසරන අධිරාජ මාළිග ඔරලෝසු සකසන්නා
2022-06-04 19:44:43
Share with:

චීනයේ බෙයිජිං නගරයේ පිහිටි, අධිරාජ මාළිගය, රජ පෙළපත් දෙකක පාරම්පරික මැදුරයි.  වසර 600කට වැඩි ඉතිහාසයක්, ඒ හා බැඳී පවතිනවා.

Qi Haonan, අසූව දශකයෙන් පසු උපත ලැබූ තරුණයෙක්. 2005 වසරේ තම උපාධිය හිමි කර ගැනීමෙන් පසු, ඔහු තවත් විභාගයකින් සමත් වී අධිරාජ මාළිගයේ පුරාවස්තු ප්‍රතිසංස්කරණ  අංශයට එක්වීමට සමත් වුණා. ඒ, යම් සුවිශේෂ ශිල්පයක් අධ්‍යයනය කිරීමේ සියුම් අභිලාෂයක් ඇතිවයි. එතැන් සිට,  පෞරාණික ඔරලෝසු අලුත්වැඩියා කිරීමේ ශිල්පියෙකු ලෙස Qi Haonan කටයුතු කරමින් සිටිනවා. තම ගුරුවරයාගේ මඟපෙන්වීම යටතේ, මේ ඔරලෝසුවල සරල චලනයේ සිට, ඉතා සංකීර්ණ කරකැවීමේ පද්ධතිය දක්වා සකස් කිරීමේ නිපුණතා ඔහු ක්‍රමයෙන් හිමි කර ගත්තේ මනා උත්සාහවන්ත බවකින්.

අධිරාජ මාළිගයේ පැරණි ඔරලෝසු  එකතුව විශාල වුවත් ඒවා ව්‍යුහය අතින් එකිනෙකට සමාන නැහැ. බොහෝවිට එක් වර්ගයකින් දැකිය හැක්කේ එකක් පමණයි. කෙසේවෙතත් මේවායේ ව්‍යුහයන් පිළිබඳ රූ සටහන් කිසිවක් නොවූ නිසා, ඒවා අලුත්වැඩියා කිරීම Qi Haonanට අභියෝගයක් වුණා. පෞරාණික ඔරලෝසු  අලුත්වැඩියා කිරීම, අතීත යුගයක සැරිසරමින්, එකල විසූ පුද්ගලයන් සමග සංවාදයක නිරත වීම වැනි ආස්වාදනීය කාර්යයක් බව Qi Haonan ගේ අදහසයි. 

2019 වසරේ සිට Qi Haonan, සමාජ මාධ්‍ය ඔස්සේ පැරණි ඔරලෝසු අලුත්වැඩියා කිරීමේ ශිල්පය ව්‍යාප්ත කිරීමට පටන් ගත්තා. එම කෙටි වීඩියෝ දර්ශනවලින් පෞරාණික ඔරලෝසු පිළිබඳ දැනුම ප්‍රචලිත කිරීම කෙරෙහි ඔහුගේ අවධානය යොමුව තිබෙනවා. දුරස්ථ ග්‍රාමීය ප්‍රදේශවල සිසුන් ඇතුළු විශාල පිරිසකට පැරණි යුගයේ  ඔරලෝසු ක්‍රියාත්මක කරන අයුරු, ඒවායේ ඉතිහාසය හා ආවේණික සම්ප්‍රදායයන් ගැන මනා අවබෝධයක් ලබාදීම  Qi Haonan ගේ අපේක්ෂාවයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම