පාකිස්ථානයේ Gwadar නැගෙනහිර වරාය අධිවේගී මාර්ගය ගමනා ගමනයට විවෘත කෙරේ
2022-06-04 15:41:23
Share with:

චීන ආධාර යටතේ ඉදි කෙරුණු පාකිස්ථානයේ Gwadar නැගෙනහිර වරාය අධිවේගී මාර්ගය ගමනාගමනයට විවෘත කෙරේ.

එම මාර්ගය විවෘත කිරීමේ උත්සවය ඊයේ (3) නිරිතදිග පාකිස්ථානයේ Balochistan පළාතේ Gwadar හිදී පැවැත්විණ. ඉන් Gwadar වරාය ප්‍රදේශයේ බාහිර සම්බන්ධතා මාර්ගය නිල වශයෙන් විවෘත කිරීම සංකේතවත් වේ.

චීනය ආධාර සහ චීන ඉදිකිරීම්කරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් එම මාර්ගය ඉදි කිරීම පිළිබඳව ස්තුතිය පුද කරන බව පාකිස්තාන අගමැති Shahbaz Sharif මහතා මාර්ගය විවෘත කිරීමේ උත්සවය අමතමින් පැවසීය. Gwadar හි ජනතාවගේ ජීවනෝපාය ගැටළුව විසඳීමට චීනයේ විශාල දායකත්වය ඔහු එහිදී අගය කළේය.

Gwadar හි සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ වෘත්තීය හා තාක්ෂණික කුසලතා වර්ධනය යනාදී මිනිසුන්ගේ ජීවනෝපාය ක්ෂේත්‍රවල සංවර්ධනය අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව පාකිස්තානයේ චීනයේ වැඩබලන තානාපතිනි Pang Chunxue මහත්මිය එහිදී පැවසුවාය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම