ඇමරිකාවේ"තායිවාන කාඩ්පත" නවීකරණය කර ඇතත්, එය ද අපතේ යන කාඩ්පතකි
2022-06-03 15:17:03
Share with:

පෙරේදා (1) ඇමරිකානු නියෝජ්‍ය වෙළඳ නියෝජිතයෙක්, චීන තායිවාන පලාතේ නියෝජිතයින් සමඟ වීඩියෝ රැස්වීමක් පැවැත්වූ අතර, ඊනියා ඇමරිකාන තායිවාන "21 වන සියවසේ වෙළඳ මුලපිරීම" දියත් කිරීම නිවේදනය කළේය. චීන ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුනෙහි ඇති සිය කැපවීම් කඩ කරන ඇමරිකාවේ මෙම පියවරෙන් සිදුවන්නේ, චීන ඇමරිකා සබඳතා භයානක තත්ත්වයකට ගෙන ඒම පමණි.

චීන ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුන අනුව, ලෝකයේ ඇත්තේ එකම චීනයක් බවත්, තායිවානය චීනයේ කොටසක් බවත්, චීන මහජන සමූහාණ්ඩු  රජය චීනයේ එකම නීත්‍යනුකූල රජය බවත් ඇමරිකාව පිළිගනී. තායිවාන පලාත සමඟ සංස්කෘතික, වාණිජ සහ අනෙකුත් නිල නොවන සබඳතා පමණක් පවත්වාගෙන යාමට ඉන් පොරොන්දු වී ඇත. තායිවාන පලාත, විදේශීය ආර්ථික සහයෝගීතාවයට සහභාගීවීමේ දී එකම චීන මූලධර්මය පූර්ව කොන්දේසියකි. ස්වෛරීත්වයේ අරුත සහ නිල ස්වභාවයක් පිළිබිඹු කරමින් තායිවාන බලධාරීන් සමඟ සාකච්ඡා කර ගිවිසුමක් අත්සන් කිරීමට ඇමරිකානු පාර්ශ්වය දක්වන අභිප්‍රාය, එකම චීන මූලධර්මය උල්ලංඝනය කරමින් "තායිවාන ස්වාධීනත්වය” වෙනුවෙන් උත්සාහ දරන බෙදුම්වාදී බලවේග වෙත වැරදි සංඥාවක් බව නොඅනුමානය.

ඇතැම් විශ්ලේෂකයින් පවසන්නේ තායිවාන පලාතේ අධි තාක්‍ෂණික කර්මාන්ත ක්ෂේත්‍රයේ ඇති හැකියාව, තාක්‍ෂණය සහ අරමුදල් තවදුරටත් හිස් කිරීමේ ඇමරිකාවේ ඊනියා "මුලපිරීම" භාවිත කිරීමට උත්සාහ කිරීමෙන්, ඇමරිකාව හා තායිවානය අතර සමාන ආර්ථික සම්බන්ධතාවයක් පැවතිය නොහැකි බවය.

තායිවාන ප්‍රශ්නය චීනයේ මූලික අවශ්‍යතා හා සම්බන්ධවන අතර චීන ඇමරිකා සබඳතාවල වැදගත්ම, සංවේදී සහ මූලිකම ප්‍රශ්නය ද වේ. චීනය එක්සත් විය යුතුය. ඓතිහාසික වර්ධනයේ සාමාන්‍ය ප්‍රවණතාවක් වන මෙය කිසිවකුට හෝ බලවේගයකට හෝ නැවැත්විය නොහැක.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම