චීන ජනතාවට "ගෞරව කරනවා" යැයි දිගින් දිගටම පවසන ඇමරිකානු දේශපාලකයන් බොරු කීම නතර කළ යුතුය
2022-06-03 18:43:47
Share with:

චීන ප්‍රතිපත්තිය පිළිබඳව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මෑතකදී  කියා සිටියේ, ඇමරිකාව සහ චීන කොමියුනිස්ට් පක්ෂය සහ චීන රජය අතර ගැඹුරු වෙනස්කම් පවතින නමුත්, මෙම වෙනස්කම් පවතින්නේ දෙරටේ ආණ්ඩු සහ පද්ධති අතර පමණක් බවයි. “චීන ජනතාවගේ ජයග්‍රහණ, ඉතිහාසය සහ සංස්කෘතියට ගරු කරන්න” යනුවෙන් ද ඔහු ඉතා බැරෑරුම් ලෙස ප්‍රකාශ කළේය.

මින් සත්‍යවශයෙන් ලෝකයට පෙන්වා ඇත්තේ කුහකත්වය පමණි . ඇමරිකානු දේශපාලනඥයන් දක්ෂවන්නේ ද මෙවැනි දේට පමණි. චීන ජනතාවට දක්වන ඊනියා "ගෞරවය" චීන ජනතාව විශ්වාස නොකරනු ඇත. ජාත්‍යන්තර ප්‍රජාව එය විශ්වාස නොකරනු ඇත. ඇන්ටනි බ්ලින්කන් පවා එය විශ්වාස නොකරනු ඇතැයි සිතිය හැකිය.ඉතා පැහැදිලි තර්කයක් නම්, ඇමරිකානු දේශපාලනඥයන් චීන ජනතාවට "ගෞරව කිරීමට" අවශ්‍ය බව දිගින් දිගටම පවසන බැවින්, ඔවුන් චීන ජනතාවගෙන් අතිමහත් බහුතරයක්, අපකීර්තියට හා කුපිත කිරීමට උපරිම උත්සාහයක් දරනවා වෙනුවට සිදු කළ යුත්තේ, චීන ජනතාව සහ චීනයේ මූලික අවශ්‍යතා නියෝජනය කරන චීන කොමියුනිස්ට් පක්ෂය විසින් තෝරා ගන්නා ලද සංවර්ධන මාවතට සහ දේශපාලන ක්‍රමයට ගරු කිරීමය.

චීන කොමියුනිස්ට් පක්ෂය ලෝකයේ විශාලතම පාලක පක්ෂය ලෙසට ජනතාව මුල්තැන තබන ප්‍රායෝගික ක්‍රියා මගින් "වඩා හොඳ ජීවිතයක් සඳහා වූ ජනතාවගේ ආශාව තමන්ගේ ඉලක්කයයි" යන කැපවීම අඛණ්ඩව ඉටු කර තිබේ.

ඇන්ටනි බ්ලින්කන්ගේ කතාව කෙතරම් අපූරු හා අලංකාර වූවත්, චීනයේ සංවර්ධනය යටපත් කර පාලනය කර චීන ජාතියේ පුනර්ජීවනයට බාධා කිරීමේ ඇමරිකානු පාර්ශවයේ සැබෑ අභිප්‍රාය සැඟවිය නොහැක.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම