ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිසක් ඇෆ්ගනිස්ථානයේ සංචාරයක
2022-06-03 15:26:59
Share with:

ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිසක් ඇෆ්ගනිස්ථානයේ සංචාරයක නිරත වෙති.

ඉන්දීය විදේශ අමාත්‍යංශ ඒකාබද්ධ ලේකම් J.P. Singh මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස ඊයේ (2) ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සංචාරයක් සිදු කළේය. තලේබාන් සංවිධානය අන්තර්කාලීන රජය පිහිටුවීමෙන් පසු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිසක් ඇෆ්ගනිස්ථානයේ සංචාරය කරමින් ඇෆ්ගන් අන්තර්කාලීන රජයේ නිලධාරීන් හමුවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

ඉන්දීය නියෝජිත පිරිස කාබුල් වෙත පැමිණීම ඇෆ්ගනිස්තාන-ඉන්දියා සබඳතාවේ "මනා ආරම්භයක්" බව ඇෆ්ගනිස්ථාන අන්තර්කාලීන රජයේ අදහස වී තිබේ. ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, ද්විපාර්ශ්වික වෙළඳාම සහ මානුෂීය ආධාර පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු වී ඇතැයි ඇෆ්ගනිස්ථාන අන්තර්කාලීන රජයේ විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Abdul Qahar Balkhi ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම