චීනය ස්වයං ලෙස නිෂ්පාදන කරන ලද AG600 නමැති මහ පරිමාණ උභය ක්‍රියාකාරී ගුවන් යානයේ ප්‍රථම පියාසර ගමන සාර්ථකයි
2022-06-02 14:53:16
Share with:

"Kunlong" AG600 ගුවන් යානය, චීනය විසින් ස්වයං නිෂ්පාදනය කරන ලද මහා පරිමාණ උභය ක්‍රියාකාරී ගුවන් යානයයි. එනම් එය ගුවනේ මෙන්ම මුහුදේද යාත්‍රා කළ හැකි යානයක් නිසයි.

පසුගිය 31 වනදා දකුණු චීනයේ Zhuhai නගරයේ එම ගුවන් යානයේ ප්‍රථම පියාසර ගමන සාර්ථකව සිදු කෙරුණා. චීනය විසින් ස්වයං නිෂ්පාදන කරන ලද එම උභයක්‍රියාකාරී ගුවන් යානය,ගිනි නිවීම සහ ජල ගැලීම්වලින් බේරා ගැනීම සඳහා ලෝකයේ පවතින විශාලතම උභයජීවී ගුවන් යානයයි. Zhuhai නගරයේ Jinwan ගුවන් තොටුපලේ සිට විනාඩි 20ක කාලයක් පියාසර කිරීමෙන් පසු එම ගුවන් යානය යළි සාර්ථකව ගොඩ බෑම සිදු කළා. ගුවන් යානයේ සියලු පද්ධති ස්ථාවර ලෙස ක්‍රියාත්මක‍ ‍වුණා. චීනයේ හදිසි සහනාධාර පද්ධතිය හා චීන ජාතික ස්වාභාවික විපත් වැළැක්වීමේ පද්ධතිය සඳහා එම ගුවන් යානය සංවර්ධනය කෙරුණා. සිවිල් ගුවන් ප්‍රමිතීන්ට අනුව චීනය ප්‍රථම වරට නිර්මාණය කරන ලද මහා පරිමාණ විශේෂ ගුවන් යානය මෙයයි. එම ගුවන් යානය, Y-20 මහා පරිමාණ ප්‍රවාහන ගුවන් යානය, C919 මහා පරිමාණ මගීන් ගුවන් යානය යන ගුවන් යානා සමඟ චීනයේ ප්‍රධාන මහා පරිමාණ ගුවන් යානා ‍තුනෙන් එකක් බවට පත් වෙනවා.


මෙවර ප්‍රථම වරට පියා සර කරන ලද Kunlong AG600 නව ගිනි නිවීමේ ගුවන් යානයේ උපරිම ගුවන්ගත කිරීමේ බර ටොන් 60ක්.එමෙන්ම ,එහි උපරිම ජලය රැගෙන යා හැකි ප්‍රමාණය ටොන් 12ක් බව චීන අභ්‍යවකාශ කර්මාන්ත සමූහයේ ප්‍රධානියා පැවසුවා. එය චීනයේ දේශීය නිෂ්පාදිත මහා පරිමාණ ගිනි නිවීමේ ගුවන් යානයක්. ඉදිරියේ දී Kunlong AG600 ගුවන් යානය ප්‍රධාන යානයක් ලෙස ට යොදා ගනිමින් දේශීය ගුවන් හදිසි සහනාධාර පහසුකම් පද්ධතිය චීනය විසින් සංවර්ධනය කරනු ඇතැයි හෙතෙම ප්‍රකාශ කළා. අදාළ පර්යේෂණ හා වෙළඳපොළ භාවිත කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරමින් 2023 වසර වන විට එම ගුවන් යානා ගිනි නිවීමේ මෙහෙයුම් වලට යොමු කිරීම සැලසුම් කෙරෙනවා.  

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම