චීනයේ කෘෂිකාර්මික සංවර්ධනය ආහාර සුරක්ෂිතභාවය‍ට ආදර්ශයක්
2022-06-02 15:32:22
Share with:

චීනය ඉතා දියුණු කෘෂිකාර්මික අංශයක් පවත්වා ගෙන යන බව චීන ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ සහයෝගතා සංගම‍යේ විධායක මණ්ඩල සභික කෘෂි විද්‍යාඥ නන්දන හේවගේ මහතා පවසයි. චීනයේ දිගු කලක් කෘෂි අංශයේ සේවය කළ අයෙකු ලෙසට චීන කෘෂි කර්මාන්තයේ මෙම දියුණුව වසරින් වසර වර්ධනය වන ආකාරය සියැසින් දුටු බවද හෙතෙ‍ම කියා සිටී. ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රදේශ සම්බන්ධයෙන් චීන රජය විශේෂ අවධානයක් යොමු කරයි. ගොවි ජනතාවගේ ආදායම් ඉහළ නංවමින් කෘෂි ගම්මාන සංවර්ධනයට පියවර ගෙන ඇත. චීනය කාර්මික අංශයෙන් ඉදිරියට ගමන් කරන අතරම කෘෂි අංශය කෙරෙහි දක්වන මෙම සැලකිල්ල ආහාර සුරක්ෂිතභාවයට ඉතා සුවිශේෂී වැදගත්කමකින් යුතු බවද හෙතෙම කියා සිටී. “චීනයට ආහාර සැපයිය හැක්කේ චීනයටම පමණි”යනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කර ඇති ප්‍රකාශයේ ඉතා ගැඹුරු අරුතක් ඇතැයි ද නන්දන හේවගේ මහතා සඳහන් කරයි. චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ චීන රජය චීන කෘෂිකර්ම අංශය වෙනුවෙන් දක්වන අවධානය එම ප්‍රකාශය තුළින්ම පැහැදිලිවන බව හෙතෙම කියා සිටී. විවිධ ප්‍රදේශවලට ආ‍වේණිකවන ආකාරයෙන් ඉතා පුළුල් ලෙස පැතිරුණු කෘෂිකර්මාන්තයක් පවත්වා ගෙන යාමට චීනයට හැකිව ඇත. කාර්මික හා කෘෂි කාර්මික යන අංශ දෙකම පැහැදිලි වර්ධනයකින් යුතුව ඉදිරියට ගෙන යන ආකාරය සම්බන්ධයෙන් චීනයෙන් ආදර්ශයක් ගත හැකි යැයිද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම