බහු සහයෝගතා සමගින් චීනය දියුණු ආර්ථික ගමනක - ආචාර්ය ටියුඩර් වීරසිංහ
2022-06-02 18:31:22
Share with:

21 වන සියවසේ දෙදහස් අට නවය මහා ලෝක ආර්ථික හා මුල්‍ය අර්බුදයෙන් පසුව කොවිඩ් 19 අර්බුදයෙන් සමස්ත ලෝකය ආර්ථිකමය වශයෙන් අර්බුදයකට ලක්ව ඇත. එය සෑම රටකම ආර්ථිකයට තදින් බලපාන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජ්‍යෙෂඨ කථිකාචාර්ය ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පවසයි. 

එහෙත් චීනය පසුගිය සියවසෙත් මේ සියවසෙත් ගෝලිය අර්බුදයෙන් නොසැලී සිය ආර්ථිකය ස්ථාවර මෙන්ම වර්ධනීය අයුරෙන් පවත්වාගෙන යාම විශේෂයෙන් සැලකිය යුතුය. 2022 දී චීන සමාලෝචනයට අනුව මේ වසරේ සිය දළ දේශීය නිෂ්පාදිතය අතින් ආර්ථික වර්ධනය 5.5% ක ඉලක්කයක් තබා ගැනීම ද ප්‍රශංසනීය තත්ත්වයකි. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග චීනය ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති විශේෂයෙන්ම එක් තීරයක් එක් මාවතක් වැනි ප්‍රධාන ව්‍යාපෘති සමග රටවල් අතර අන්‍යෝන්‍ය සහයෝගී වැඩසටහන් ක්‍රියාවට නංවා ඇත. එය මෙම ආර්ථික අර්බුදයෙන් තරමක් හෝ නැගී සිටීමට ශක්තියකි. නව වැඩපිළිවෙල මගින් සෙසු රටවල් සමග විද්‍යා හා තාක්ෂණය එක් කරගනිමින් එම රටවල් අතර ආර්ථික මෙන්ම සංස්කෘතික ක්ෂේත්‍රයන් සමග සිදු  කරන අපේක්ෂිත ආයෝජන වැඩපිළිවෙල බොහෝ වැදගත්ගමක් ගනී. ඒ සඳහා චීනයේ උනන්දුවක් දැකිය හැකිය. සංවර්ධනය වන රටවලට මින් පෙර ජාත්‍යන්තරයේ අනෙකුත් රටවල ආයෝජන අවස්ථා ලබා ගැනීමට විශාල ඉඩක් නොතිබිණ. අනෙකුත් රටවල් එය අන්‍යෝන්‍ය අවබෝධයකින් පවත්වා ගැනීම වැදගත්ය. මේ වන විට චීනය ඉතා වැදගත් උපායමාර්ගයක් ක්‍රියාත්මක කරමින් සිටී. තම රටේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීමේ දී ගෝලීය ක්‍රියාවලියට එක්වෙමින් එය තම රටේ ජාතික ආර්ථික හා ජාතික සංවර්ධනයට කෙසේ සම්බන්ධ කරන්නේ ද යන්න එම උපායමාර්ගයයි. මෙම අලුත් තත්වයන් අත්දැකීමක් ලෙසට ගනිමින් පශ්චාත් ගෝලීය ප්‍රවණතාවලට එනම් කලාපීයකරණය‍ මෙන්ම ස්වදේශීකරණය වැනි ක්‍රියාවලින් සමග එක්ව කටයුතු කෙරේ. මීට දශක කිහිපයකට පෙර බටහිරින් දියත් කරන ලද වැඩපිළිවෙලට වඩා දියුණු වැඩපිළිවෙලක් මේ දශකයේ චීනය දියත් කරන බවක් දැකිය හැකි යැයි ද ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා කියා සිටී.

විශේෂයෙන් චීන මධ්‍යම රජය වර්තමානයේ ගෝලීය වශයෙන් මුහුණ පා ඇති අර්බුද තත්වයන් සමග විදේශ ප්‍රතිපත්තිය සහ ඒ ඒ රටවල ජාතික ආර්ථිකවලට අනුව සම්බන්ධකම් පවත්වා ගැනීම ඉතා වැදගත්කොට සැලකිය හැකි බවද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම