චීන ජනපතිගේ උද්ධෘත ඇසුරින් හෙළිවන ප්‍රබල දැක්ම හා චින්තනය
2022-06-02 18:42:45
Share with:

  සිය නමින් පළකෙරුණු ලිපි, ප්‍රධාන දේශන මෙන්ම සුහද පිළිසඳරවල දී චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රටේ උත්තරීතර නායක ෂී ජින් පිං මහතා බොහෝ විට චීනයට ආවේණික උද්ධෘත පාඨ උපුටා දක්වා ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ රාජ්‍ය පාලන සංකල්පය, චීන ජනතාව හඹා යන තෘප්තිය, චීනය ගෝලීය සබඳතා පැවැත්වීමේ දී  අනුගමනය කරන දැක්ම, ගෝලීය ගැටළු විග්‍රහ කිරීමේ දී තම ආකල්ප හා ගුණධර්ම මෙන්ම චීනයට ආවේණික අනන්‍යතා එමගින් ප්‍රශස්ත ලෙස පෙන්නුම් කර තිබේ.

  මෙම වසර චීනයේ සාම්ප්‍රදායික ලිත් ක්‍රමය අනුව කොටියාගේ වසර යි. කොටියා යනු ශක්තිය හා ගම්භීරත්වය සංකේතවත් කරන සත්ත්වයෙකු බව චීන සංස්කෘතික සම්ප්‍රදායේ දැක්වෙයි. මෙම වසරේ සාම්ප්‍රදායික චීන අලුත් අවුරුද්ද උදාවීමට පෙර ෂී ජින් පිං මහතා කොටියා මුල්කරගත් ආප්තෝපදේශ යොදා ගනිමින්, උත්සාහවන්තව හා අධිෂ්ඨානශීලීව චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී විශිෂ්ට ව්‍යායාමය සඳහා දායක වන ලෙස චීන ජනතාව දිරිගැන්වීය.

  ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ පිළිබඳ සඳහන් කරද්දී, ෂී ජින් පිං මහතා උද්ධෘත පාඨයක් උපුටා දැක්වීය. ඒ,‘ Bu Ji Kui Bu, Wu Yi Zhi Qian Li’ යන්නයි. පියවරින් පියවරට ගමන් නොකළේ නම් දිගු ගමනක් සාර්ථකව නිමා කළ නොහැකි බව එහි අරුත වේ. ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ ගොඩනැංවීම අධි සුබවාදී ව්‍යාපෘතියක් වන අතර, ඉහළ කැපවීමකින් යුක්තව ඒ සඳහා දායක විය යුතුය. එය ක්‍රමානුකූල, ප්‍රායෝගික ක්‍රමවේද ඔස්සේ ක්‍රියාවට නංවා ලෝකයට හා ජනතාවට සුබසෙත සලසමු යනුවෙන් ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම