ආණ්ඩුක්ර ම ව්යරවස්ථාවේ 21 වන සංශෝධනය පිළිබඳව මීළඟ ඇමති මණ්ඩල රැස්වීමේදී යලි සාකච්ඡා කෙරේ
2022-06-01 16:25:39
Share with:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය පිළිබඳව මීළඟ ඇමති මණ්ඩල රැස්වීමේදී යලි සාකච්ඡා කෙරෙන බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදුකරන සංශෝධන පිළිබඳව අධිකරණ ඇමතිවරයා පසුගිය ආණ්ඩු පක්ෂ රැස්වීමේදී කරුණු ඉදිරිපත් කළේය. එහිදී මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට අධිකරණ ඇමතිවරයා විසින් තවදුරටත් පැහැදිලි කරනු ඇත.

දේශපාලන පක්ෂවලට හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට කිසියම් අපහැදිලි තැනක් ඇත්තම් එම කරුණු විසදාගත හැකි බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පැවසුවේ ඇමති මණ්ඩල තීරණ දැනුම්දීම සදහා කොළඹ පැවති මාධ්‍ය හමුවේදීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම