බදු සංශෝධනයට කැබින‍ට් අනුමැතිය
2022-06-01 16:29:45
Share with:

ආර්ථිකය ස්ථායිකරණය සඳහා රජයේ ආදායම ඉහළ නැංවීමේ අරමුණින් දේශීය ආදායම් බදු පනත, එකතු කළ අගය මත බදු පනත, විදුලි සංදේශ බදු පනත, ඔට්ටු හා සූදු බදු පනත සහ මූල්‍ය කළමනාකරණ (වගකීම) බදු පනත් සංශෝධනයට අදාළව කෙටුම්පත් සකස් කිරීමට කැබින‍ට් අනුමැතිය හිමිවෙයි.

 මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

2019 වසර අගභාගයේදී ලිහිල් බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින් එකතු කළ අගය මත බද්ද, පුද්ගල ආදායම් බද්ද, සංස්ථාපිත ආදායම් බද්ද යන බදුවල අනුපාත අඩු කිරීමටත් එකතු කළ අගය මත බද්දෙහි සහ පුද්ගල ආදායම් බද්දෙහි බදු පදනම සංකෝචනය කිරීමටත් රජය ගත් තීරණ හේතුවෙන් රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස අඩුවිය .

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම