ෂැංහයි හි කාර්ය සහ නිෂ්පාදනය පුළුල් ලෙස නැවත ආරම්භ කිරීම චීනයේ විදේශ ආයෝජන කෙරෙහි වැඩි විශ්වාසයක් ලබා දෙයි
2022-06-01 19:55:09
Share with:

වසංගත තත්ත්වය ඵලදායි ලෙස පාලනය වීමත්, තත්ත්වය තවදුරටත් වැඩිදියුණු වීමත් සමඟ, ෂැංහයි අද ( 1 ) නිෂ්පාදනය සහ ජීවන රටාව සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කෙරිණ. චීනයේ සමාජ මාධ්‍ය ෂැංහයි "ආපසු පැමිණීම" කෙරෙහි අවධානය යොමු  කර ඇති අතර, කාර්යබහුල  ෂැංහයි නගරයේ යළි පැමිණීම අන්තර ජාල භාවිතකරන්නෝ උණුසුම් ලෙස සාකච්ඡා කළහ.

චීනයේ ප්‍රධාන කාර්මික, වාණිජ සහ මූල්‍ය නගරය, නිෂ්පාදන මධ්‍යස්ථානයක් සහ ලොව විශාලතම බහාලුම්  වරාය ලෙස, ෂැංහයි සාමාන්‍ය තත්ත්වයට පත්වීම චීන ජනතාවට පමණක් නොව, ලෝකය‍ටද ඉහළ  අපේක්ෂාවක් ගෙන දී ඇත. ෂැංහයි හි කාර්ය සහ නිෂ්පාදනය නැවත ආරම්භ කිරීම ගෝලීය සැපයුම් දාමයේ දියුණුව ප්‍රවර්ධනය කිරීමට හේතුවනු ඇති  අතර චීනයේ පාරිභෝගික වෙළඳපොල ප්‍රකෘතිමත් වීමෙන් ගෝලීය ව්‍යවසායන්ට ද ප්‍රතිලාභයක් වනු ඇත.

මාස දෙකකට වැඩි කාලයක් පුරා දැඩි වසංගත විරෝධී ප්‍රයත්නයන්ගෙන් පසුව, ෂැංහයි හි "යළි ආරම්භය" මගින් පෙන්නුම් කෙරන්නේ චීනය "කොරොනා වෛරස ශුන්‍යකරණ ප්‍රතිපත්තිය" පිළිපැදීම ජනතාව ආරක්ෂා කිරීමට සහ දිගුකාලීන ආර්ථික සංවර්ධනයක් පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය පියවරක් බවයි. මෙම වසංගත වැළැක්වීමේ ප්‍රතිපත්තියෙන් අවම පිරිවැයකින් උපරිම වැළැක්වීමේ සහ පාලන ප්‍රතිඵලයක් ලබා ගැනීමටත්, මිනිසුන්ගේ ජීවිත හා සෞඛ්‍ය මෙන්ම සාමාන්‍ය නිෂ්පාදන හා ජීවන රටාවේ ආරක්ෂාව උපරිමයෙන් සැලසීමටත් උත්සාහ කෙරේ.

වසංගත තත්ත්වය කෙටි කාලීන කැළඹීමක් පමණක් වන නමුත් වඩා වැදගත් වන්නේ දිගුකාලීන සැලැස්මය. ෂැංහයි හි වසංගත විරෝධී ව්‍යාපාරයේ දී ලබා ගත් විශිෂ්ට ප්‍රතිඵල සහ කාර්ය සහ නිෂ්පාදනය නැවත ආරම්භ කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඇති ප්‍රබල ක්‍රියාමාර්ග, විදේශ අරමුදල් සපයන ව්‍යවසායකයින්ට කාර්ය සහ නිෂ්පාදනය නැවත ආරම්භ කිරීමට උපකාරී වනවා පමණක් නොව, චීන වෙළඳපල කෙරෙහි වැඩි විශ්වාසයක් ද ඇති කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම