තිරිඟු ගොවි බිමට නවීන තාක්ෂණය ගෙනෙන තරුණ උපාධිධාරිනිය
2022-05-31 12:02:58
Share with:

මෑත දිනවල මධ්‍යම චීනයේ Anhui පළාතේ තිරිඟු හෙක්ටයාර මිලියන 2.8 කින් සරු අස්වැන්නක් ලැබී තිබේ. 25 හැවිරිදි කෘෂිකාර්මික ශිල්පිනී Ye Ying එම තිරිඟු ගොවි බිමේ ගොවීන් සමඟ මෙම වසරේ ගිම්හාන තිරිඟු අස්වනු නෙළා ගැනීමට එක්ව සිටී.

Ye Ying කෘෂිකර්මික විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා, තම උපන්ගම වන Anhui පළාතේ Funan කෝරළයට ආපසු ගොස් උපන්ගමේ සංවර්ධනයට සිය දායකත්වය ලබාදෙයි.

දිනක් උදේ 7 පසු වී, Ye Ying විනිවිද පෙනෙන සේද දැල් මලු දෙකක් සහ විශාල යකඩ වළල්ලක් රැගෙන තිරිඟු කෙතකට ගියාය. Ye Ying තරුණ වියේ පසුවුවත්, තිරිඟු හොඳින් වැඩෙනවාද නැද්ද යන්න අතින් ස්පර්ශ කර වටහා ගැනීමේ හැකියාව ඇය සතුව ඇත. තිරිඟු ගණන් කිරීමෙන් පසු, Ye Ying තිරිඟු වල තෙතමනය මැනීම සඳහා ගෙන ආ මුදු හැඩැති මෙවලම තිරිඟු කෙතකට විසි කර තිරිඟු වලින් කොටසක් වට කළාය. සාම්පල ලබා ගැනීමෙන් පසු, Ye Ying ඒවා නැවත පරීක්ෂණ සඳහා රසායනාගාරයට රැගෙන ගියාය.

දවස පුරා කුඹුරු වැඩ කළ පියවරුන්ගේ ආදර්ශය නවීන කෘෂිකර්මාන්තය හා තවදුරටත් නොගැලපෙන බව Ye Ying ගේ අදහසයි. කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමටත්, ගොවීන්ගේ දෑත් නිදහස් කිරීමටත් තාක්ෂණය භාවිත කළ යුතු බව Ye Ying පවසයි.

නවීන යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ යොදා ගනිමින් කෘෂිකර්මාන්තයේ ගුණාත්මක භාවය ඉහළ නංවා සන්නාම ගොඩනැගීමට ගොවීන්ට හැකි වනු ඇතැයි යන්න Ye Ying අපේක්ෂාවයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම