චීන ජනපති හා සැම්බියා ජනපති අතර දුරකථන සංවාදයක්
2022-05-31 21:21:11
Share with:

චීන ජනාධිපතිවරයා හා සැම්බියා ජනාධිපතිවරයා දුරකථන සංවාදයක නිරත වෙති. සංවාදය අද(31) පස්වරුවේ සිදු කෙරිණ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ චීනය සහ සැම්බියාව සංවර්ධනය වෙමින් පවතින රටවල් බවයි. සැම්බියාව ඇතුළු අප්‍රිකානු රටවල් අතර සහයෝගිතා තහවුරු කිරීම, චීනයේ දිගුකාලීන හා ස්ථිර උපාය මාර්ගයකි. අප්‍රිකාව සමග එක්ව, ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ අධි ගුණාත්මක ව ගොඩනැංවීම ඉදිරියට මෙහෙයවීම චීනයේ කැමැත්තකි. නව යුගයේ චීන-අප්‍රිකානු පොදු ඉරණම  ප්‍රජාව ගොඩනැගීම තහවුරු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.

සැම්බියා ජනාධිපති Hakainde Hichilema මහතා සඳහන් කළේ, එකම චීනය යන ප්‍රතිපත්තිය සැම්බියාව ස්ථිර ව අනුගමනය කරන බවයි. චීනය ඉදිරිපත් කළ ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ, ‍‍ගෝලීය සංවර්ධන මුලපිරුම මෙන්ම ගෝලීය ආරක්ෂක මුලපිරුමට සැම්බියාව අනුබල දෙයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනය ඉහළින් සාර්ථක වේවා යැයි ද සැම්බියා ජනාධිපතිවරයා එම දුරකථන සංවාදයේ දී ප්‍රාර්ථනා කළේය.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම