ළමයින් පවා ආරක්ෂා කර ගැනීමට නොහැකි නම් "ප්ර්ජාතන්ත්රවවාදය" සහ "මානව හිමිකම්" ගැන ඇමරිකානු දේශපාලනඥයන් කතා කරන්නේ කෙසේද? 
2022-05-31 21:04:30
Share with:

සතියකට පෙර ඇමරිකාවේ  ප්‍රාථමික පාසලක වෙඩි තැබීමේ සිද්ධියෙන් අවම වශයෙන් ළමුන් 19 දෙනෙක් සහ වැඩිහිටි පුද්ගලයෝ දෙදෙනෙක් මිය ගියහ .ඉන් ඇමරිකාව සහ ලෝකයම කැළඹී ඇත. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත විවේචනාත්මක ලිපියක් පළ කරමින් පැවසුවේ "ළමයින් පවා ආරක්ෂා කර ගත නොහැකි නම් මොන වගේ ශිෂ්ට රටක්ද? ඇමරිකාව?" යනුවෙනි. 

ස්වදේශ ආරක්ෂාව සහ සුරක්ෂිත බව පිළිබඳ ඇමරිකානු මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛනවලට අනුව, එම ප්‍රාථමික පාසලේ වෙඩි තැබීමේ සිද්ධිය මේ වසරේ මේ දක්වා  137 වන පාසල් වෙඩි තැබීමේ සිදුවීම වන අතර එය පසුගිය දශකය තුළ ඇමරිකාවේ සිදුවු පාසල් වෙඩි තැබීමේ  බරපතලම සිද්ධීන් වලින් තුනෙන් එකකි.

ඕනෑම රටක, දරුවන් යනු බලාපොරොත්තුව, අනාගතය සහ ආරක්ෂා කළ යුතු වඩාත්ම අවදානමට ලක්විය හැකි කණ්ඩායම් වලින් එකකි. ඔවුන් රැකබලා ගැනීම සමාජයක ශිෂ්ටාචාරය පෙන්නුම් කරන අතර රටක මානව හිමිකම් වර්ධනයට සාක්ෂි දරයි.

ලෝකයේ එකම සුපිරි බලවතා ලෙස ඇමරිකාවට බොහෝ කලක සිට දරුවන් ආරක්ෂා කිරීමට නොහැකි වී ඇත. එවන් තත්ත්වයක් තුළ ඇමරිකානු දේශපාලකයින් "ප්‍රජාතන්ත්‍රවාදය" සහ "මානව හිමිකම්" ගැන කතා කරන්නේ කෙසේද?

බලය සහ ප්‍රාග්ධනය මිනිසුන්ගේ ජීවිතයට වඩා ඉහළින් පවතින විට එහි ප්‍රතිඵලය නොවැළැක්විය හැකි ලෙස විශාල මානව හිමිකම් ඛේදවාචක රැසකට තුඩු දෙනු ඇත.ඇමරිකානු රජය පාලනයට අසමත් වීම නිසා ඊනියා "ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට" සාමාන්‍ය ජනතාව ආරක්ෂා කළ නොහැකි බව ලෝකයටම පෙනෙන්නට සලස්වා ඇත. ජාත්‍යන්තර ළමා දිනය ළං වන විට ඇමරිකානු දේශපාලකයන් තුවක්කු ප්‍රචණ්ඩත්වයේ බියෙන් පෙළෙන දරුවන්ට මුහුණ දෙන්නේ කෙසේද?

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම