රුසියාවට ඛනිජ තෙල් සම්බාධක පැනවීමට යුරෝපා සංගමයේ එකඟතාව
2022-05-31 11:21:29
Share with:

රුසියාවට ඛනිජ තෙල් සම්බාධක පැනවීම පිළිබඳව යුරෝපා සංගමයේ එකඟතාව පළ වේ.

යුරෝපා කවුන්සිලයේ සභාපති Charles Michel මහතා, ඊයේ (30) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ, රුසියාවට ඛනිජ තෙල් ප්‍රවාහන  සම්බාධක පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය එකඟතාවකට පැමිණි බවයි. එය රුසියාවෙන් යුරෝපා සංගමයට කරන සමස්ත ඛනිජ තෙල් ආනයනයෙන් තුනෙන් දෙකක් ආවරණය කරන බව හෙතෙම සඳහන් ක‍ළේය. එමගින් මේ වසර අවසන් වන විට රුසියාවෙන් යුරෝපා සංගමයට කෙරෙන ඛනිජ තෙල් ආනයනය සියයට 90 කින් අඩු කෙරෙනු ඇත. එමෙන්ම රුසියාවේ විශාලතම බැංකුව වන Sberbank බැංකුව, ගෝලීය බැංකු අතර මූල්‍ය සන්නිවේදන සංගමය හෙවත් SWIFT ආයතනයෙන් ඉවත් කිරීමට සහ රුසියානු ජාතික මාධ්‍ය තුනක් කළු ලැයිස්තුවට ඇතුළත් කිරීමට යුරෝපා සංගමයේ සාමාජික රටවල නායකයන් එකඟ වූ බව Charles Michel මහතා පැවසීය.

යුරෝපා සංගමය යුක්රේනයට යුරෝ බිලියන 9ක මුදල් සහනාධාර ලබාදීමට යුරෝපා සංගමය සැලසුම් කරන බව ද යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයා දන්වා ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම