චීන-පැසිෆික් දූපත් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ සම මුලසුන් චීන, ෆීජි විදේශ අමාත්‍යවරුන්ට
2022-05-31 10:49:05
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය Wang Yi මහතා සහ ෆීජි අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය Josaia Voreqe Bainimarama මහතා, දෙවන චීන-පැසිෆික් දූපත් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ සම මුලසුන් දරති. රැස්වීම ඊයේ (30) ෆීජි හි සුවා අගනුවර දී පැවැත්විණ.

චීනය සහ පැසිෆික් දූපත් රටවල් අතර සහයෝගිතාව කාලීන ප්‍රවණතාවන්ට අනුකූල වන බවත්, ඉන් කලාපයේ ජනතාවට ප්‍රතිලාභ සැලසෙන බවත්, ජවසම්පන්න සහ දීප්තිමත් අපේක්ෂාවන් පෙන්නුම් කරන බවත් මනාව සනාථ වී ඇතැයි Wang Yi මහතා පැවසීය. දරිද්‍රතාව පිටුදැකීම, දේශගුණික විපර්යාස, ආපදා වැළැක්වීම, කෘෂිකර්මාන්තය සහ දිලීර තෘණ මධ්‍යස්ථානය ඇතුළු නව සහයෝගීතා වේදිකා හයක් චීනය අඛණ්ඩව ගොඩනඟන බව Wang Yi මහතා එහිදී නිවේදනය කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම